ජර්මනියේ සිට ශ්‍රී ලාංකික නාවිකයන් පිරිසක් මත්තල ගුවන් තොටුපළට ජර්මනියේ නැව් සමාගම් කීපයක සේවය සදහා ගොස් සිටියදී කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 235 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යායානයකින් අද (06) දින දහවල් මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 06 June 2020
හෙට සිට ඇඳිරි නීතිය රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා හෙට (06) සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 05 June 2020
සිතුවම් අඳිමින් සිටි සිසුන් තිදෙනෙකු තියුණු ආයුධවලින් කපා දමලා මිනුවන්ගොඩ නිල්පනාගොඩමහ විද්‍යාලය වටා ඉදිකර ඇති තාප්පයේ බිතුසිතුවම් කරමින් සිටි ආදි සිසුන් තිදෙනකුව අද (05)සවස තියුණු ආයුධ වලින් කපා බරපතළ තුවාල සිදුකර ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි . 05 June 2020
ට්‍රම්ප්ට නඩු දමයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විරෝධතාකරුවන්ගේ සිවිල් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි චෝදනා කරමින් එරට සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන රැසක් එක්ව ජනාධිපතිවරයාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇත. 05 June 2020
ගෞරී රාමනා ආණ්ඩුවේ රස පරීක්ෂක ධුරයේ වැඩ බලන්න පත්කරයි ආණ්ඩුවේ රස පරීක්ෂක ධුරයේ වැඩ බැලීමට එහි අතිරේක රස පරීක්ෂක ගෞරී රාමනා මහත්මිය පත් කිරීමට රජය තීරණය කර ඇත. 05 June 2020
සඳුදා සිට සාමාන්‍ය කාලසටහනට අනුව දුම්රිය ධාවනයට දුම්රිය කිහිපයක් හැර සෙසු සියලු දුම්රිය ලබන සඳුදා (8) සිට සාමාන්‍ය කාලසටහනට අනුව ධාවනය කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වානිජ) වී.එස් පොල්වත්තගේ මහතා පැවසීය. 05 June 2020
රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු 36 ක් අතිරේක ලේකම්වරු ලෙස පත් කරයි රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරුන් ලෙස කටයුතු කළ 36 දෙනකු අමාත්‍යාංශවල අතිරේක ලේකම්වරුන් ලෙස පත් කිරීමට රජය තීරණය කර ඇත. 05 June 2020
ශ්‍රී ලංකාවට පැමිණෙන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගෙන් පැය 72 කට පෙර ලබාගත් පී.සී.ආර්. පරීක්ෂණ ඉල්ලයි ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් රටවල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඔවුන් පැමිණෙන රටෙන් පැය 72 කට පෙර ලබාගත් පී.සී.ආර් පරීක්ෂණ වාර්තා කටුනායක ගුවන් තොටුපලේදී ඉදිරිපත් කළ යුතු බව විදේශ අමාත්‍යාංශය කියා සිටී. 05 June 2020
පෙම්වතිය බේරා ගැනීමට ගිය පෙම්වතා දියේ ගිලී මරුට මොරටුව එගොඩ උයන ප්‍රදේශයේ මුහුදු තීරයේ විනෝදයට රැල්ල පෑගීම සඳහා ගිය පෙම්වතුන් යුවලකගෙන් පෙම්වතිය මුහුදේ ගසා ගෙන යාමේදී ඇය බේරා ගැනීමට උත්සාහ දැරූ පෙම්වතා දියේ ගිලී මිය ගොස් ඇතැයි එගොඩ උයන පොලීසිය කියයි. 05 June 2020
කොරෝනා අසාදිතයින් ගණන 1800 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1800 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 05 June 2020
වැඩි මිලට වැලි අළෙවි කිරීම ගැන පැය 24 කදී පැමිණිලි 200 ක් වැඩි මිලට වැලි විකිණීමේ සිද්ධීන් පිළිබද පැය විසිහතරක් තුළ පැමිණිලි 200 කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය කියයි. 05 June 2020
‘ඇමෙරිකාවේ තානාපති නිලධාරින් මෙරට වෛද්‍ය නිර්දේශවලට ගරු නොකිරීම කනගාටුයි ‘ ඇමෙරිකා එක්සත් ජනපදය වැනි දැවැන්ත රටක තානාපති නිලධාරින් අනෙකුත් රටවල්වල වෛද්‍ය නිලධාරින්ගේ නිර්දේශවලට ගරු නොකිරීම පිළිබදව කනගාටුවට පත්වන බව හම්බන්තොට දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 05 June 2020
කොරෝනා වලින් බේරෙන්න අප්‍රිකානු පිග්මි ජාතිකයින්ට වාසස්ථාන වෙනස් කරන්නැයි උපදෙස් මධ්‍යම අප්‍රිකානුු ජනරජයේ ජීවත් වන පිග්මි ජාතිකයන්ට කොවිඩ් ආසාදනය වීමේ වැඩි අවදාමක් පැවතීම හේතුවෙන් වනාන්තරය තුළ ඔවුන්ගේ සාම්ප්‍රදායික වාසභූමි වෙත ගමන් කිරීමටඋපදෙස් දුන් බව ඒරට රජය පවසයි. 05 June 2020
පාකිස්තානයෙන් දින පහට කොරෝනා ආසාදිතයන් 19,753ක් පාකිස්තානයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ ගණන අද (5) පස්වරු 3.30න් අවසන් වූ පැය 24 දී වාර්තා වූ අතර එම ගණන 4,896ක් ලෙස දැක්විණි. 05 June 2020
සෙනට් සභිකයෝ දණ ගසති සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී අමානුෂික අයුරින් ඝාතනයට ලක්වූ නිරායුධ කළු ජාතිකයකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් ගෞරව කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ සෙනට් සභිකයෝ පිරිසක් වොෂින්ටන් අගනුවරදී ඉකුත් දා මිනිත්තු කිහිපයක් දණ ගසා සිටියහ. 05 June 2020
ඉන්දියාවෙන් දෙවැනි දිනටත් කොරෝනා ආසාදිතයන් 9,000 ක් ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ ගණන අද (5) පස්වරුවෙන් අවසන් වූ පැය 24 දී වාර්තා වූ අතර එම ගණන 9,851ක් ලෙස දැක්විණි. 05 June 2020
කොරෝනා වයිරසය සම්පූර්ණයෙන් තුරන් කළ බව ෆිජී දේශය කියයි ෆීජි දේශයේ කොරෝනා වයිරසය සම්පූර්ණයෙන්ම තුරන් කළ බව ඒරට බලධාරීහු අද (05) නිවේදනය කළේය. 05 June 2020
බගවන්තලාව රක්ෂිතයක කොකුම්පොතු කැපූ පුද්ගලයෙක් අත්අඩංගුවට බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ කොපුම් පොතු කැපු සැකකරුවෙක් බගවන්තලාව පොලිසිය විසින් අද (05) අත්අඩංගුවට ගෙන ඇත 05 June 2020
බෝම්බකරුවෝ සාකච්ඡාවට පවුල් පිටින් කොළඹට එති ප්‍රහාරයට දින දෙකකට පෙර සහ්රාන් හෂීම් ඇතුළු බෝම්බකරුවන් තිදෙනකු ඔවුන්ගේ පවුල් පිටින් කොළඹට පැමිණ කොල්ලුපිටිය ලකී ප්ලාසා ගොඩනැගිල්ලේ පිහිටි ආරක්ෂිත නිවස්නයේ එක්රැස්වී සාකච්ඡා කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නීතිඥ සමන් වීරසිංහ මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (04) පැවසීය. 05 June 2020
කුරුණෑගල රෝහලට නව වැඩබලන අධ්යක්ෂවරයෙක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්යක්ෂවරයා ලෙස වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය එන්.ෆරීඩ් මහතා අද (5) වැඩ බාර ගත්තේය . 05 June 2020
පොලිස් වෙඩි පහරකින් සැකකරුවෙක් මරුට මොණාගල තෙනගල්ලන්ද ප්‍රදේශයේදි ඉකුත් මැයි 31දා පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර කැලෑවක සැඟව සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිසිය කළ වෙඩි තැබිමකින් එම සැකකරු අද(06) දහවල් මියගොස් තිබෙි. 05 June 2020
තැපැල් - උප තැපැල් කාර්යාල සෙනසුරාදා වැසීමෙන් මිලියන 17 ක ඉතිරියක් සෙනසුරාදා දිනවල තැපැල් කාර්යාල වසා තැබීමේ තීරණය දිගටම ක්‍රියාත්මක කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 05 June 2020
පොසොන් සිරියෙන් රට සැනහේවා ලෝක සිතියමේ ඇබැටක් තරම් වූ නයන පිනවන මේ රන් දිවයින ලෝකයේ මුදුනටම ඔසොවා තැබූ අදීන අදම්‍ය අපරාජිත ශ්‍රේෂ්ඨ සංස්කෘතියක උපත සිදු කළ අසිරිමත් මහින්දාගමනය බුදු බැතින් පිනා ගිය හදවතින් අනුස්මරණය කරන උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබේ. රෝ දුක් දුරුව මුළු රටත් ලෝකයත් සන්සුන් සංහිඳියාවෙන් සපිරුණ අලුත් යුගයක් උදාවේවා යන්න ලංකාදීපයේ පොසොන් ප්‍රාර්ථනය වේ. 05 June 2020
හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් කත රිමාන්ඩ් පාතාල සාමාජිකයකු හා සම්බන්ධ වෙමින් හොරොයින් ජාවාරම් කළ රත්මලාන ප්‍රදේශයේ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධරීන් සමත්ව තිබේ. 05 June 2020
කොරෝනා අසාදිතයින් ගණන 1797 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1797 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 04 June 2020
කොරෝනා බ්‍රසීලයේ ආදිවාසීන් අතරත් වේගයෙන් ව්‍යාප්ත වෙයි කොරෝනා වයිරසය බ්‍රසීලයේ ආදිවාසීන් අතර වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව සමීක්ෂණයකින් හෙළවී තිබේ. 04 June 2020
ජනපති අත්සන ව්‍යාජ ලෙස භාවිතා කළ පුද්ගලයකු රිමාන්ඩ් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ලිපි ශීර්ෂය සහ අත්සන ව්‍යාජ ලෙස භාවිතා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට කුරුණෑගලදී අත්අඩංගුවට ගත් පුද්ගලයකු අද (4) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම මස 8 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කිරීමට නියම කර ඇත . 04 June 2020
මෙක්සිකොවේ පැය 24 ක් තුළ කොරෝනා මරණ 1,092ක් මෙක්සිකෝවේ පසුගිය පැය 24 තුළ කොරෝනා ආසාදිත මරණ 1,092ක් සිදුවී තිබේ. 04 June 2020
චීනයේ පාසලක පිහි ඇනුමකින් 39 ක් තුවාල ලබති චීනයේ වැන්ග්ෆු ප්‍රදේශයේ පාසලක ආරක්ෂක නිලධාරියෙකු සිදුකළ පිහි ඇනුමකින් පුද්ගලයින් 39 දෙෙනකු තුවාල ලබා තිබේ. 04 June 2020
ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් ආසාදිතයන් 9,000ක් ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ ගණන අද (4) පස්වරුවෙන් අවසන් වූ පැය 24 දී වාර්තා වූ අතර එම ගණන 9,304ක් ලෙස දැක්විණි. 04 June 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026