ඇමෙරිකානු තානාපති කාර්යාලය අසල විරෝධතා කළ පෙරටුගාමි පිරිසක් අත්අඩංගුවට අධිකරණ නියෝග නොතකා කොල්ලුපිටිය ඇමරිකානු තානපති කාර්යලය ඉදිරිපිට විරෝධතාවක නිරත වු පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. 09 June 2020
ඩෙංගු රෝ බිය ගැනත් අවදියෙන් සිටිමු වර්ෂා සහිත කාලගුණික තත්ත්වය පහව යෑමෙන් පසුව මතුවිය හැකි ඩෙංගු මදුරුවන්ගේ ව්‍යාප්තිය මර්දනයට සූදානම් වන ලෙස ආණ්ඩුකාරවරුන්ට පළාත් පාලන ප්‍රධානීන් ඇතුළු බලධාරීන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන් බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. 09 June 2020
කොවිඩ් 19 රෝගීන් 67 ක් සනීප වෙලා ගෙදර ගිහින් කොරෝනා ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 67දෙනෙකු සුවය ලබා අද(09) පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි. 09 June 2020
ජූලි අග සිට බස් ගාස්තු ගෙවීමට පෙරගෙවුම් කාඩ්පතක් ලංගම හා පුද්ගලික මගී ප්‍රවාහන බස් රථවල ගාස්තු ගෙවීම සඳහා ජූලි මස අවසානයේ සිට පෙර ගෙවුම් ගමන් කාඞ් පතක් හඳුන්වා දෙන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි. 09 June 2020
කාන්තා ඝාතනයකට හිටපු යුද හමුදා සෙබළෙක් අත්අඩංගුවට මීට දින 8 කට පෙරදී මීගහතැන්න පැලවත්ත ඇළෙහි පාවෙමින් තිබියදී හමු වූ කාන්තාවගේ මරණය ඝාතනයක් බවට අනාවරණය වීමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණ වල දී හමුදාවෙන් පලාගිය සෙබලෙක් අද අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස නොවිසදුණු අපරාධ ඒකකය කියයි. 09 June 2020
ලක්ෂ 50 ක හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට රුපියල් පනස් ලක්ෂයක් වටිනා හෙරොයින් ග්‍රෑම් 520 යි මිලිග්‍රෑම් 20 ක් සමග සැකකරුවෙකු ගාල්ල ජාකොටුවැල්ලේදී අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. 09 June 2020
නවසීලන්තය කොරෝනාවලින් නිදහස්: අඟුළු අරියි ගතවුණු දින 17 ඇතුළත කිසිදු කොරෝනා ආසාදිතයකු හමුනොවීමත්, රෝහල්ගතව සිටි සියලු ආසාදිතයන් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමඟ නවසීලන්තය නව කොරෝනා වයිරස වසංගතය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් තොර රටක් යැයි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩෙන් අද (8) ප්‍රකාශ කළාය. 08 June 2020
ඇමැරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය වළක්වමින් නියෝගයක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් හෙට (9) ඇමැරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට හෝ ඒ අසල පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ වලක්වමින් කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් අද (8) නියෝගයක් නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය. 08 June 2020
කොරෝනා අසාදිතයින් ගණන 1857 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1857 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 08 June 2020
හෙරොයින් කිලෝ එකහමාරක් සමග අත්අඩංගුවට ගත් සැකකරු 22 දා දක්වා රිමාන්ඩ් හෙරොයින් කිලෝ 01යි ග්‍රෑම් 500ක් සමඟ අත්අඩංගුවට පත් විමෙන් පසු අධිකරණ නියෝග මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ දින 07ක් රඳවා ප්‍රශ්න කල සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ලබන 22 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මිනුවන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් සරල කරුණාරත්න මහතා අද(8) නියම කළේය. 08 June 2020
රංජිත් මද්දුමබණ්ඩාරගේ පැමිණිල්ල 15 වැනිදා සලකා බලයි තමන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 294 දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක වීම වළක්වලන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කළ පැමිණිල්ල ලබන 15 වැනිදා සලකා බැලීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය අද (08) නියෝග කළාය. 08 June 2020
‘මුඛ අවරණ පැළැදීමත් සමඟ ශ්වසන අබාධ අඩු වෙලා’ ජනතාව මුඛ ආවරණ පැළඳීමට පටන් ගැනීමත් සමඟ මෙරට ශ්වසන රෝගීන්ගේ විශාල අඩුවක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා ස්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ අධ්‍යාපන ප්‍රධානී,මහනුවර වෛද්‍ය සංගමයේ සභාපති දුෂ්‍යන්ත මැදගෙදර මහතා පවසයි. 08 June 2020
රිෂාඩ් බදියුදීන්ට දෙවැනි වරටත් නොතීසි විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රදේශයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින් නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරනවා යැයි කියන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට ලබන 29 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණය අද (08) දෙවැනි වරටත් නොතීසි නිකුත් කළේය. 08 June 2020
පකිස්තානයේ හිටපු අගමැතිට කොරෝනා පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂහීද් කකාන් අබ්බාසි ට නව කොරෝනා වයිරසය වැළැඳී ඇතැයි ඔහුගේ පක්ෂය සහ පවුලේ සාමාජිකයෝ අද (8) තහවුරු කළහ. 08 June 2020
මහර බන්ධනාගාරයේදී මියගිය සිරකරු වෙනුවෙන් උසාවි යනවා මහර බන්ධනාගාරයේ දී ඉකුත් මැයි 3 වැනිදා පැනයන්නට තැත්කරද්දී මියගිය බව පවසන තරුණයා, බන්ධනාගාරය තුළ දී පහර දීමෙන් මියගිය බව වාර්තා වී ඇතැයි සිරකරු අයිතිවාසිකම් සුරුකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් අද (08) චෝදනා කළේය. 08 June 2020
ඉන්දියාවෙන් අදත් කොරෝනා ආසාදිතයන් 9,000ක් ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ ගණන අද (8) වාර්තා වූ අතර එම ගණන 9,983ක් ලෙස දැක්විණි. 08 June 2020
දේවස්ථානයට ආරක්ෂාව සැපයීම ගැන මා සමග කතා කළේ නෑ පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර දෙහිවල ශාන්ත මේරි දේවස්ථානයට ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් තමා සමඟ සාකච්ඡා කළ බවට දෙහිවල ගල්කිස්ස කොට්ඨාස භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එම්. මුදිත පුස්සැල්ල මහතා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කර ඇත්තේ සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව එම දේවස්ථානයේ මීසම්පාලක වැලිකඩආරච්චි පියතුමා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසීය. 08 June 2020
ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ගෙන යන බස්වලට නීතිමය ක්‍රියාමාර්ග බස් රථවල ආසන සංඛ්‍යාවට වඩා මගීන් ප්‍රවාහනය කළහොත් ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 08 June 2020
කුරුණෑගල රෝහලේ කාර්යමණ්ඩලයෙන් කොටසක් උද්ඝෝෂණයක කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ ධූරයෙන් ඉවත් කළ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා නැවත එම තනතුරට පත් කරන ලෙස ඉල්ලමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් අද (8) පෙරවරුවේ රෝහල ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූහ . 08 June 2020
ජ’පුරේ තාක්ෂණික විද්‍යා පීඨය අද විවෘත කෙරෙයි පැරණි දැනුමැතියෝ විශ්වය එකම කලාගාරයක් ලෙස දුටහ. ඔවුහු කලා ශිල්ප, විද්‍යා, දර්ශන ශාස්ත්‍ර යනු කී හෙයින් විශ්වය කොටස් පහකට බෙදූහ. මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනයත් සමග මෙරටට ලැබුණේ බුදුදහම සසුන මතු නොව නව කාර්මික තාක්ෂණික ශිල්ප ඤාණයකි. 08 June 2020
විදෙස් රටවලින් පැමිණි ලාංකිකයින් 578 දෙනකුට කොරෝනා විදේශ රටවලින් මෙරටට පැමිණ ශ්‍රී ලංකිකයන් ගෙන් 578 දෙනෙක් ම කොරෝනා ආසාදිතයන් බවට හදුනාගෙන ඇතැයි වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවසීය. 08 June 2020
වැඩතහනම් වූ විනිසුරු ගිහාන් පිලපිටියගේ නඩු විභාගය අත්හිටුවමින් අතුරු නියෝගයක් වැඩතහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩුව විභාගයට ගැනීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (08) අතුරු නියෝගයක් නිකුත් කරන ලදී. 08 June 2020
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය චීනයේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන ඉක්මවයි ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ගණන චීනයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන ද ඉක්මවා ගොස් ඇත. 08 June 2020
මානව අයිතිය නොදකින ලෝක පොලිස්කාරයා අමෙරිකාව හැමදාම පණපෙව්වේ ලෝක පොලිස්කාරයාගේ චරිතයටය. ලෝකෙටම ‘‘අයියා’’ වී සිටි එහෙව් අමෙරිකාව අද විදෙස් විත්ති විශ්ලේෂකයන් විසින් හඳුන්වන්නේ නීතියක් නැති රටක් වශයෙනි. වර්ගවාදී ප්රචණ්ඩ ක්‍රියා උත්සන්න වීමෙන් ගිනිගත් අමෙරිකාව දැන් නීතියක් නැති අරාජික රාජ්‍යයක් බවට පත්වෙමින් සිටින බව වත්මන් අමෙරිකාව පිළිබඳව දිනපතාම විස්තර වාර්තා කරන සියලු මාධ්‍ය ආයතනවල විශ්ලේෂකයෝද ජාත්‍යන්තර කීර්තියට පත් දේශපාලන විචාරකයෝද කියා සිටිති. ඒ අනුව ‘අමෙරිකාවට වෙච්ච දෙයක්’ 08 June 2020
හැඳුනුම්පතට පොහොර මිටි දෙකකට සීමා කරයි පවතින පොහොර හිගය පාලනය කිරීම සඳහා ලංකා පොහොර සමාගම මගින් දඹුල්ල රජයේ පොහොර ගබඩාවේදී එක ගොවියකුට පෝර මිටි දෙක බැගින් අලෙවි කිරීමේ වැඩපිළිවෙළ අද (8) උදෑසන ආරම්භ කර තිබිණි. 08 June 2020
තෙමසකට පසු මඩකලපුව - කොළඹ දුම්රිය ගමන යළි ඇරඹෙයි කොරෝනා වයිරසය හේතුවෙන් මාස තුනකට වැඩි කාලයක් නතර කර තිබූ මඩකලපුව - කොළඹ දුම්රිය ධාවනය අද (08) යළි ආරම්භ කෙරිණි. 08 June 2020
පොල්ගහවෙල දුම්රිය ස්ථානයට වෙනදාට වඩා මගීන් පිරිසක් පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමත් සමඟ අද (08) උදෑසන පොල්ගහවෙල දුම්රිය ස්ථානයට වෙනදාට වඩා වැඩි මගීන් පිරිසක් පැමිණ සිටි අකාරය දක්නට හැකිවිය. 08 June 2020
කෝච්චියෙන් යන්න බෙලිඅත්තට මගීන් රැසක් සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කිරීම ආරම්භ වීමත් සමඟ අද බෙලිඅත්ත දුම්රිය ස්ථානයට මගීන් රැසක් පැමිණ සිටි ආකාරය දක්නට හැකිවිය. 08 June 2020
බදුල්ල - කොළඹ දුම්රිය ගමනා ගමනය සුපුරුදු පරිදි කොවිඩ් 19 වසංගතය හේතුවෙන් නතර වී තිබූ බදුල්ල - කොළඹ දුම්රිය ධාවනය මාස 2 යි දවස් 18 කට පසු අද (8) ආරම්භවිය. 08 June 2020
ඇමරිකාවේ කොරෝනා මරණ 110,000 පසුකරයි කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඇමරිකා ඒක්සත් ජනපදයේ 110,000 ක පමණ පිරිසක් මේ වනවිට මියගොස් තිබේ. 07 June 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026