කොරෝනා අසාදිතයින් ගණන 1835 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1835 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 07 June 2020
සිවුවැනි දිනටත් ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 9,000ක් අසල්වැසි ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන්ගේ ගණන අද (7) වාර්තා වූ අතර එම ගණන9,971ක් ලෙස දැක්විණි. 07 June 2020
කුරුණෑගල ශික්ෂණ රෝහලට පත්කළ නව අධ්යක්ෂ ඉල්ලා අස්වෙයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ තාවකාලික අධ්යක්ෂවරයා ලෙස පත්කළ වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය එන්.ෆරීඩ් මහතා සිය කැමැත්තෙන්ම එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත . 07 June 2020
ප්‍රවාහන සේවා හෙට සිට සාමාන්‍ය පරිදි කරන්න අනුමැතිය අන්තර් පළාත් බස් සේවාවන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ද හෙට (8) සිට ක්‍රියාත්මක කරවීමට සෞඛ්‍ය අංශවල අනුමැතිය අද (7) හිමිවූ බවත්, ඒ අනුව හෙට සිට සියලු පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවත් මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 07 June 2020
එංගලන්තයේ ආසාදිතයින් ඉහළ යනු ඇතැයි සෞඛ්‍ය අංශ සැක පළ කරයි අමෙරිකානු ජාතික ජොර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනය මුල්කරගනිමින් එංගලන්තයේ පැවැත්වෙන විරෝධතා හේතුවෙන් කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යා හැකි බව එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත. 07 June 2020
“මැදපෙරදිග ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වහාම ගෙන්වා ගන්න“ මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වහාම මෙරටට රැගෙන එන ලෙස තමා ආණ්ඩුවට බලකර සිටින බව ජාතික සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. ඒ මහතා ප්‍රකාශ කළේ හංවැල්ලේ අද (07) පැවැති මාධ්‍ය හමුවකදීය. 07 June 2020
තැපැල් දෙපාර්තමේන්තුවේ ගැටළුව ගැන අමාත්‍යංශයේ දී අනිද්දා සාකච්ඡාවක් තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයින්ගේ අතිකාල දීමනා කපා හැරීම හා සෙනසුරාදා තැපැල් කාර්යාල වසා දැමීම ඇතුළු ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උස්ස අධ්‍යාපන හා තාක්ෂණ නවෝත්පාදන අමාත්‍යංශයේ දී අනිද්දා (09) පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. 07 June 2020
පොදු ස්ථානවල මුඛ ආවරණ පළඳින්න මෙතෙක් පවත්වාගත් ස්ථාවරය වෙනස් කරමින් පොදු ස්ථානවලදී මුඛ ආවරණ පළඳින්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇත. 07 June 2020
‘‘හම්බන්තොට ජාතික විශ්ව විද්‍යාලයක් ආරම්භ කරනවා‘‘ ‘‘මෙම වර්ෂය නිම වෙන්න පෙර හම්බන්තොට ජාතික විශ්ව විද්‍යාලයක් ආරම්භ කරනවා. මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන පහක් මේ වෙනකොට වෙන් කරගෙන තිබෙනවා‘‘ යැයි තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 07 June 2020
බ්‍රසීලය ‘කොවිඩ්-19’ දත්ත සඟවයි නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රසිද්ධියට පත් කළ දත්ත සියල්ල ඉවත් කිරීමට බ්‍රසීලය තීරණය කර ඇත. 07 June 2020
‘‘වසරක් ඇතුළත එප්පාවල පොහොර කම්හලේ වැඩ අරම්භ කරනවා‘‘ ‘‘කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා එප්පාවල පොහොර නිධිය ආරම්භ කරන්න. එතකොට අපිට ටීඑස්පී එහෙම ගේන්න ඕනෑ නැහැ. අවුරුද්දක් ඇතුළත මේ කර්මාන්තශාලාව ආරම්භ කරන්න පුළුවන්‘‘ යැයි මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය. 07 June 2020
විශ්වමඩු ප්‍රදේශයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගනී මුලතිව් විශ්වමඩු , උදයාර්කට්ටු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමක දී ටී.එන්.ටී. වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 40 ක් සොයාගත් බවට නාවික හමුදාව පවසයි. 07 June 2020
නිරෝධායන නීති යටතේ දේවස්ථාන වෙත එන්න අවසර දෙන්නයි අගරදගුරුතුමෝ ඉල්ලති රට නැවත යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන නිසා පවතින නිරෝධායන නීති යටතේ දේවස්ථාන වෙත පැමිණීමේ අවස්ථාව කිතුණු බැතිමතුන්ට ලබාදෙන්නැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ රජයෙන් ඉල්ලා සිටිති. 07 June 2020
පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවසන් තීරණය හෙට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවසාන තීරණය ගනු ලබන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ හෙට (8) පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 07 June 2020
වොෂින්ටන් අගනුවර විරෝධතාකරුවන්ගෙන් පිරෙයි සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ ප්රචණත්ඩත්වයට ගොදුරු වී මියගිය ‘ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරෝධය පළ කරමින් පැවැත්වෙන විරෝධතා දෙවැනි සතියටත් පැමිණ තිබෙන අතර ඊයේ (6) වොෂින්ටන් අගනුවරට දහස් ගණනක් පැමිණියහ. 07 June 2020
මැතිවරණය නිරීක්ෂණට සූදානම් බව පැෆරල් කියයි මහ මැතිවරණයේ නිරික්ෂණ කටයුතු සදහා තම සංවිධානය සූදානම් බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ක්‍රියාකාරිත්වය (පැෆරල් සංවිධානය) කියයි. 07 June 2020
දරුවන් තුරුළු කරගෙන බෝම්බය පුපුරුවා ගත්තා දෙමටගොඩ මහවිල උද්‍යානයේ තෙමහල් නිවසේ බෝම්බකාරිය බෝම්බය පොළවේ තබා සිය දරුවන් තමා අසලට ගෙන බිම හිඳගැනීමෙන් පසු එය පුපුරුවා ගෙන ඇති බව තමාට නිරීක්ෂණයවිනැයි ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් ප්‍රියන්ත පේදුරුආරච්චි මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසීය. 07 June 2020
ගෝලීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 7 ට ළංවෙයි ලොව පුරා මේ වන විට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 7 ට ආසන්න වී තිබේ. 07 June 2020
ඉන්දියාවේ කඳවුරක සිට මන්නාරමට ආ පියාට-දියණියට සහය දුන් 6ක් අත්අඩංගුවට කොරෝනා වයිරස් අවදානම හේතුවෙන් ඉන්දියාවේ සරණාගත කඳවුරක සිට මුහුදු මාර්ගයෙන් මන්නාරමට දෙදෙනෙකුට පැමිණීම සඳහා සහය දුන් පුද්ගලයින් 06 දෙනෙකු මඩු හා මන්නාරම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 07 June 2020
තන්තිරිමලේ ආලෝක පූජාව දෙවැනි දිනටත් පැවැත්වෙයි විජය පුවත්පත් සමාගම හා ලංකාදීප පුවත්පත විසින් තන්තිරිමලේ පුද බිමේ 17 වරටත් සංවිධානය කරන ලද පොසාන් ආලෝක පූජාව ඊයේ (06) දෙවන දිනටත් පවත්වනු ලැබී ය. 07 June 2020
එංගලන්තයේ සිටි ශ්‍රී ලාංකිකයින් 278 ක් කටුනායකට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 278 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (07) දින අලුයම ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 07 June 2020
ගොනාකෝවිලේ ’රාජා’ පොලිස් වෙඩි පහරින් මරුට පොලිස් නිලධාරීන් තිදෙනෙකුද ආරක්ෂාවට යොදවා සිටියදී ඇඳීරි නීතිය මැද පසුගිය 29 වැනිදා අලුයම රත්මලාන සොයිසාපුර ආපන ශාලාවකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලාගිය කල්ලියේ ප්‍රධාන සැකකරු බව කියන පාතාල කල්ලි නායකයා අද (07) අලුයම දිවුලපිටිය බල්ලපාන ප්‍රදේශයේදී පොලිස් වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය කියයි. 07 June 2020
ෆ්ලොයිඩ්ගේ ඝාතනයට ඒරෙහිව බ්‍රිතාන්‍යයෙත් විරෝධතා ඇමරිකාවේ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට ඒරෙහිව අද (06) බ්‍රිතාන්‍යයේ නගර කිහිපයකම දහස් ගනනකගේ සහභාගීත්වයෙන් විරෝධතා පැවැත්විණි. 06 June 2020
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන බවට බ්‍රසීල ජනපතිගෙන් තර්ජනයක් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් බ්‍රසීලය ඉවත් වන බවට එරට ජනපති ජෙයාර් බොල්සනාරෝ තර්ජනය කර තිබේ. 06 June 2020
ඉන්දියාවේ සිට නාවිකයින් 86 ක් ලංකාවට ඇවන්ගාඩ් සමාගමට අයිති නැවක කාර්යය මණ්ඩලය මාරු කිරීම සදහා ඉන්දියාවේ මුම්බායි සිට විශේෂ ගුවන් යායානයකින් නාවිකයන් 86 දෙනෙකු අද (6) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබේ . 06 June 2020
ලෙබනනයේ ලාංකිකයින් 300 කට පී.සී.ආර් පරීක්ෂණ නොමිලේ මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් ලෙබනනයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් 300 කට ආසන්න පිරිසක් වෙනුවෙන් නොමිලේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමට එරට රජය එකඟතාව පල කර ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී. 06 June 2020
කොරෝනා අසාදිතයින් ගණන 1814 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1814 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 06 June 2020
පෙරහුරු මැතිවරණයක් හෙට අම්බලන්ගොඩදී සෞඛ්‍ය නීති පිළිපදිමින් පෙරහුරු මැතිවරණයක් හෙට (7 ) පෙරවරු 10 සිට දහවල් 12 දක්වා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අම්බලන්ගොඩ විලේගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවත්වේ. 06 June 2020
ඉන්දියාවේ කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව ඉතාලියද පසු කරයි කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව අනුව ඉන්දියාව, ඉතාලිය ද පසුකර ගොස් ලෝකයේ 06 වන ස්ථානයට පත්ව තිබේ. 06 June 2020
ලොරියක් මතට අධිබලැති විදුලි රැහැන් වැටී තරුණයින් දෙදෙනකු මරුට මාතලේ - කැටවල අංකන්ද වත්තේ කොස් කැඩීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකුට විදුලි සැර වැදී අද (6) මියගොස් ඇතැයි මහවෙල පොලිසිය කියයි. 06 June 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026