(ටෝනි කරුණානායක)
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු සැකකරුවන් සම්බන්ධ නඩුවට බොරු සාක්ෂි නිර්මාණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනා ව ලබන 21 වෙනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ (07) නියම කළේ ය .
මෙ ලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ක සහ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ,ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ හිටපු උප පොලිස් පරීක්ෂක මෝහන මෙන්ඩිස් ,විශ්‍රාමික උප පොලිස් පරීක්ෂක නවරත්න ප්‍රේමතිලක යන අය වෙති .
කොරෝනා වයිරසය හේතුවෙන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකරන බව බන්ධනාගාර නිලධාරීන් අධිකරණය හමුවේ පැවසීය ..

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටත්, පොලිසියත්, නීතියත් එක පුද්ගලයකු වූ විට අප කුමක් කරන්නද?
එහෙන් නඩුටික අයින් කර ගන්නවා. පරීක්ෂණ කරපු එක්කෙනාට ඇපත් නෑ.
මෙයා නිසා හිරබත් කන දුප්පත් කීප දෙනෙක් ඉන්නවා. මෙයා වීරයා උනේ වැරදි කරුවන් රජයේ සාක්ෂි කරුවන් කරලා. බොරු සාක්ෂි හදලා. මේකට කියන්නේ දිට්ට ධම්ම වේදනීය කර්ම. ඒ දුප්පතුන්ට නඩු දාන්න සල්ලි නැහැ
මෙයාත් වැරදි කළ අයෙක් උපරිම දඬුවම් දෙන්න.
පෞද්ගලික කොන්ත්‍රාතුවක් පිරිමහන්න තාත්තෙකුයි පුතෙකුයි බොරු සාක්කි හදලා ගහට ඇරපු මේ මනුස්සයාට දිට්ට ධම්ම වේදනීය කර්මය පළ දුන්නා. මේ පටන් ගත්තා විතරයි. විදවලායි මැරෙන්නේ.