(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීක වීරරත්න)
කර්මාන්ත හා බේකරිවල අවශ්‍යතා සඳහා පාම් ඔයිල් ගෙන්වීමට බලපත්‍ර දෙන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය.
මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට අභියාචනයක් ඉදිරිපත් කර අවශ්‍යතාවයට අනුව අවශ්‍ය ප්‍රමාණයට පාම් තෙල් ලබාගත හැකි බව ද ඇමැතිවරයා කියයි.
දේශීය තෙල් හා පොල් කර්මාන්තය නඟා සිටුවීමට කටයුතු කරන බවත් පාම් තෙල් සඳහා විදේශයට යන මුදල් ප්‍රමාණය අවම කර ගැනීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"අවශ්‍ය අනවශ්‍ය" කියලා බෙදා වෙන්කරන්නෙත් අර " චුට්ටක් විෂ තිබුණාට කමක් නැහැ.. මහපරිමාණයේ මුදලාලිලාට වැටෙන්න දෙන්න බෑ" කියන නියාය අනුවමද අපේ ගණිතාචාර්ය තුමෝ? එක දවසක කියනවා සම්පූර්ණයෙන් තහනම් කියලා තව දවසක කියනවා " චුට්ටක් ගෙන්වන්න " අවසර දෙනවා කියලා. මේවා මිනිස් පරිභෝජනයට සුදුසු නැත්නම් "චුට්ටක්" හොඳ වෙන්නේ කොහොමද කියලයි මම මේ කල්පනා කරන්නේ. නානවා කියලා මෙහෙමත් නෑමක් ජීවිතේට දැකලා නැහැ.
තහනම් කරපුවා ගෙන්වන්න අවසර දෙන්න. ඒකත් අර විෂ පොල්තෙල් ගෙනාපු කට්ටියටම වෙන්න ඇති. මේවා අහලා හිනාවෙන්නද? අඬන්නද? මන්දා.
මේ වගෙ එවුන් පාර්ලිමේන්තු ගෙනා උන් මී හරක්
චුට්ට චුට්ට විස කන එක හොඳයි. මොකද මැරෙන්නේ චුට්ට චුට්ට...
කාලකන්නි වැඩක්...
ඒ බේකරි නිෂ්පාදන පරිභෝජනය කරන්නේ මහජනතාව නෙවෙයිද?. විෂ පොල්තෙල් බැරල් එකක් යවන්න තිබුණේ පාර්ලිමේන්තුවේ භෝජනාගාරයට... මෙයාලා දඟලන හැටි බලන්න...
සර් ආවේ සිස්ටම් චේන්ජ් එකටනේ... ඒක තමයි පාම් ඔයිල් නැවැත්තුවේ.
මේ මුහුණ දැක්කාම අපේ රටට කන්නවත් ලැබෙන එක ලොකු දෙයක්..
මිනිස්සුන්ට වහ කවනවාට මෙයාව අංගොඩ යවන්න ඕනෑ.. නැතිනම් ප්‍රසිද්ධියේ එල්ලලා මරන්න ඕනෑ...
ඊට නරකද ඇමතිතුමෝ කෘමිනාශක ටිකක් ගෙන්වලා නොමිලේ හෝ අඩු මුදලකට ජනතාව අතර බෙදා හැරියා නම්... ටික ටික මරනවට වැඩිය ඒක මිනිස්සුන්ට සැපයක් වෙයි. ඊට පස්සේ දියවන්නාවේ ඉන්න අයටයි, එයාලගේ පවුල්වල අයටයි සතුටින් ඉන්න පුලුවන් වෙයි...
පාම් ඔයිල් පොල්තෙල් වලට කලවං කරන එක නවත්තනවා.කටු පොල් වගාවත් තහනම් කරනවා .දැන් කියනවා පාන් සහ අනික් නිෂ්පාදනවලට ඕනෑනම් ගේන්න පුලුවන් ලු. ඒ කියන්නෙ කිරිපිටිවල 35% පාම් ඔයිල් කතාව හරි. ආචාරියගෙ තියරිය හරියටම හරි.තෙල් ගෙනාවොත් අහුවෙනවා.කෑමට දාල මිනිස්සුන්ට කැව්වම අවුලක් නෑ.හොයා ගන්නත් බෑ.පාන් බනිස් කාලත් හමාරයි.
ජනතාවනි! බේකරි කෑම හොඳ නෑ කියල දැන් ඔප්පු කරල තියෙනවනේ. ඒත් එක්කම බිස්කට්. බිස්කට්වල අජිනෝමොටේ පුරවලා. ලංකාවට අජිනොමොටේ ගේන එකත් නතර කරන්න. අපි බේකරි කෑමත් බිස්කටුත් නතර කරමු.
මොකක්ද හලෝ ඒ කතාවේ තරුම? මීට කලිනුත් පාම් තෙල් ගෙනාවේ අවශ්‍යතාවට තමයි විසි කරන්න පාම් තෙල් ගෙනාවේ නැහැ. මේ ගොයියා කියන්නේ කරන්නේ මොනවද කියලා මිනිහා දන්නෙත් නැහැ.
ඒතකොට හරිද කියල තමයි අහන්න තියෙන්නෙ. 2500 ජීවත් වෙන්න පුලුවන් කිව්ව උත්තමයනේ ඔයා ඉතින්