(නිමල කොඩිතුවක්කු)
මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල සැපයුමට බාධා එල්ල විය හැකි බව ජාතික ජල ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.
පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්රවල ජල ධාරිතාවක් පහළ බැසීම සහ එළඹ ඇති උත්සව සමය නිසා ජල පාරිභෝජනය ඉහළ යාම මෙම තත්ත්වයට හේතු වී ඇති බව ද මණ්ඩලය නිවේදනය කරයි.
මේ හේතුවෙන් දවසේ පැය 24 පුරා එකම ධාරිතාවකින් ජල සම්පාදනය කිරීමට අපහසුතා පැන නැගී ඇති බවත් උස් බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදාහැරීමේ දී අඩු පීඩන තත්වයක් ඇති විය හැකි බවත් ජාතික ජල ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිකුත් කළ නිවේදනය තවදුරටත් සඳහන් වේ.
අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් නළ ජලය බාවිතාකර ජලය නොලැබෙන පාරිභෝගිකයන්ගේ බීමට අවශ්‍ය ජලය ලබා දීමට ලබාදීමට සහයෝගය දක්වන ලෙසත් එම මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක තමයි කියන්නේ රටේ භූගත ජාල මට්ටම පාලනය කරන වනාන්තර ටික, කඳුකර වන පද්ධතිය ටවුමක නම් ටවුමෙන් මීටර 200 කින් උඩ ඇති සියලුම වනාන්තර ටික, තෙත්කලාපයේ තියෙන වන ගහනය (විශේෂයෙන් ජල තට්ටුව උඩින්ම තියෙන කොළඹ දිස්ත්‍රික්කයේ බහුතර ජල ප්‍රමාණයක් බීමට සුදුසු නැති තත්වයකට පත්වෙලා) බේරගන්න කියලා භූතානයෙන්වත් ඉගෙනගෙන, හරියට වනාන්තර ටික රැකගත්තා නම් ලෝකයේ සුපිරිසිදු වතුර තියෙන රටක් අපි...
පුලුවන් තරම් ගස් කපනවා. වත්තෙ වවල තියෙන ගහ උනත් කපන්න කියනව රජයෙම නිළදාරීන් නියෝග දෙනවා. නිරපරාදේ කොලයක් වැටෙනවා කියල ගස් කප්පොනවා.( කිසිම කෙනෙක්ට හානියක් නැති ) ඊට පස්සේ හැම තැනම ලොකු ලොකු අය ගස් ටික කපල දානවා. ඔක්සිජන් හැදෙන්න ගස් ඔනි නැලු නේ. ඉතින් ඔක්කොමත් හරි, අන්තිමට පොඩ්ඩක් පායනකොටම, වතුර නැ විදුලි බලය නිශ්පාදනය කරන්න නම් අඩුම ගාගෙ ඩීසල් වලින් හරි කරන්න පුලුවන්, නමුත් බොන වතුර ?? කරන්න ඔනි දෙ නොකර අන්තිමට මිනිස්සුන්ට කියනවා වතුර පාවිච්චිර අඩු කරන්න කියල. පොඩ්ඩක් හිතන්න, ගෙවල් වල වගා කරන්න කියල, එහෙම වගා කරපු මිනිස්සු, ඔය වතුර හැරෙන්න වෙන කොහෙන්ද වතුර ගෙන්නෙ? මොකො ලිදක් කපන්න ඉඩ තිබ්බත් දැන් ලිදක් කපන්න පුලුවන්ද... මායිමටම කරල ගොඩනැගිලි හදන්න අවසර දෙනවා. ලිදටම වෙන්න කකුස්සි වල කපනවා කොහොම කලත්, මෙ රටෙ වැහි අඩු කාලයක් එනව කියල දැන දැනත් කිසිම රජයක් ඒකට අවශ්‍ය පියවර නොගන්න එක ගන නම් මාරම කනගාටුයි
එන්න තව ගස් කපමු!