පාසල් විවෘත කළත් ආපනශාලා විවෘත කරන්න අවසර නැහැ පාසල් විවෘත කිරීමට අවසර ලැබුණත් කිසිදු පාසලක ආපනශාලා දැන්ම විවෘත කිරීමට අවසර ලබා නොදෙන බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමට පාසල් හා අධ්‍යාපන ආයතන සූදානම් කිරීම සඳහා වූ චක්‍රලේඛය සහ උපදෙස් සංග්‍රහයේ සඳහන් වේ. 10 June 2020
සිංහරාජ වනයට පිවිසෙන්න නව මාර්ගයක් ඉදිකෙරේ ලෝක උරුම සිංහරාජ වනාන්තරය නැරඹීමට මතුගම මාර්ගය හරහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ පහසුව උදෙසා නව මාර්ගයක් ඉදිකර තිබේ. 10 June 2020
සහරාන්ගේ ගම්මිරිස් ඉඩම ග්රාමනිලධාරිනියගේ භාරයට පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන මියගිය සහරාන් හසීම්ට අයත් මාතලේ හතමුණ ගාල ප්‍රදේශයේ අක්කර 25ක ගම්මිරිස් ඉඩමේ අස්වැන්න නෙළීම තාවකාලිකව නවතා එහි ඉඩම අදාල ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිලධාරීවරිය භාරයට පැවරූ බව මාතලේ ප්‍රාදේශීය ලේකම් ඒ. සි. එල්. මධුවන්ති මහත්මිය අද(10) පැවසුවාය. 10 June 2020
පෞද්ගලික පාසල් ගුරුවරුන් විභාග පරීක්ෂණ කටයුතුවලට අපොස උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග පරීක්ෂකවරුන් ලෙස කටයුතු කිරීමට පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්වල සුදුසුකම් ලත් ගුරුවරුන් කැඳවන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවැසීය. 10 June 2020
මාලදිවයනේ සිටින ලාංකිකයින් 2000 කට වියළි ආහාර විදේශ අමාත්‍යාංශයෙන් මාලදිවයිනේ මාලේ අගනුවර සීමාව තුළ හා ඉන් පිටත සිටින සිරවී සිටින ශ්‍රී ලාංකිකයන්ට බෙදාහැරීම සඳහා වියලි ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිලෝග්‍රෑම් 10,000 ක් යුතු ඇසුරුම් 2000 ක් එරටට යැවූ බව විදේශ සබදතා අමාත්‍යාංශය පවසයි. 10 June 2020
සොයිසාපුර වෙඩි තැබීමට සැකකරු පැමිණි මෝටර් රථය පිළියන්දලින් හමුවේ රත්මලාන සොයිසා පුර ආපනශාලාවට වෙඩි තැබීමට සැකකරු පැමිණි මෝටර් රථය පිළියන්දල සුවාරපොළ කොස්පැලැන්වත්ත පාර ප්‍රදේශයේ නිවසක් අසල නතර කර තිබිය දී අද අලුයම සොයා ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි. 10 June 2020
අපේක්ෂා රෝහලට පැමිණෙන්නන්ට ලංගම බස් රථ සේවාවක් මහරගම, අපේක්ෂා රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් වෙනුවෙන් ලංකා ගමනා මණ්ඩලයෙන් විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කර තිබේ. 10 June 2020
රාජිත සේනාරත්නට ඇප සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කරසිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කළේය. 10 June 2020
පෙළපාලිය අවහිර කරන්නැයි ඉල්ලීමක් කළේ නැතැයි ඇමෙරිකානු තානාපති කාර්යාලය කියයි සාමකාමී ලෙස විරෝධතා කිරීමට ශ්‍රී ලාංකිකයන්ට සහ සියලුදෙනාට ඇති අයිතියට එක්සත් ජනපදය සහයෝගය දක්වන බව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 09 June 2020
ජාතික කොවිඩ් 19 අරමුදලට ඌවේ අධ්‍යාපනයෙන් ලක්ෂ 94 ක් ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් පවත්වාගෙන යනු ලබන ජාතික කොවිඩ් 19 අරමුදල සඳහා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය හා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් රුපියල් ලක්ෂ 94 ක මුදලක් පරිත්‍යාග කර තිබේ. 09 June 2020
ජාතික රෝහලේ මුදල් කොල්ල කෑ පුද්ගලයා පුහුණුවට ආ විශේෂඥ වෛද්‍යවරයෙක් සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා කොළඹ ජාතික රෝහලේ ගිණුම් අංශයේ මුදල් කොල්ල කෑ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු වශයෙන් පුහුණුව ලබන වෛද්‍යවරයකු බව පොලිසිය කියයි. 09 June 2020
පෙරටුගාමී පක්ෂයේ 42ක් අත්අඩංගුවට කොල්ලූපිටියේ දී හා පුරහල දී විරෝධතාවේ නිරත වු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 42 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි. 09 June 2020
පාසල් අරින්නේ උපරිම ආරක්ෂාව යටතෙයි-ඇමැති කියයි පාසල් විවෘත කිරීමේ දී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ හා කාර්යසාධක බලකායේ නිර්දේශ අනුව ක්‍රියා කිරීම ප්‍රමාණවත් බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළේය. 09 June 2020
එජාපය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉල්ලා අස්කරගනී අටවැනි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු මාස තුනක් ඉක්ම යන තෙක් නව පාර්ලිමේන්තුවක් නොකැදවීමෙන් තමන්ගේත් , රටේ ජනතාවගේත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දු කරන්නැයි ඉල්ලා එක්සත් ජාතික පක්ෂය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම එම පක්ෂය විසින්ම අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලා අස් කර ගන්නා ලදී. 09 June 2020
ලලිත් වීරතුංග-අනූෂ පැල්පිට ගොනුකළ අභියාචන විභාගය කල් යයි කොළඹ මහාධිකරණයෙන් වසර තුනක සිර දඩුවම් නියමව දැනට ඇප මත මුදා හැර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන අය විසින් තමන් නිදොස් කොට නිදහස් කරනැනැයි ඉල්ලා ගොනු කළ අභියාචනා පෙත්සම් විභාගයට ගැනීමට ලබන ජූලි 23 වැනිදාට කල් තැබීමට අභියාචනාධිකරණය අද (09) තීන්දු කළේය. 09 June 2020
රජයේ-පෞද්ගලික ආයතන අරඹන වෙලාව සංශෝධනය කරන්න යයි කොළඹ ඇතුළු නගරබද ප්‍රදේශයන්හි පවතින අධික වාහන තදබදය අවම කරලීම සඳහා රජයේ සහ පුද්ගලික අංශයේ ආයතන ආරම්භ කරන වේලාවන් සංශෝධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. 09 June 2020
විදෙස් සංචාරකයින්ට අගෝස්තු 1 වැනිදා සිට ශ්‍රී ලංකාව විවෘතයි කොරෝනා වසංගත ව්‍යාප්තිය මේවන විට සාර්ථකව පාලනය කර ඇති හෙයින් ලබන අගෝස්තු 1 වැනිදා සිට ශ්‍රී ලංකාව විදෙස් සංචාරකයින් සදහා විවෘත වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිර්මාලි ප්‍රනාන්දු මහත්මිය අද (09) පැවසුවාය. 09 June 2020
'මන්ත්‍රී මූණෙන් මම සමුගන්නවා' සිය මන්ත්‍රී දේශපාලන ජීවිතයට සමුදීමට තමා තීරණය කළ බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කියයි. 09 June 2020
ගලගොඩඅත්තේ හිමියන්ගේ පෙත්සම් සලකා බැලීම 25ට කල් යයි ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා කුරුණෑගල , කොළඹ , කලුතර සහ මොනරාගල යන දිස්ත්‍රික්ක වලින් තරග කිරීමට තම නායකත්වයෙන් යුතු ’’අපේ ජන බල පක්ෂයේ ’’ අපේක්ෂකයන් ඉදිරිපත් කල නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා ගත් තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඤානසාර හිමියන් ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම් සලකා බැලීම ලබන 25 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) නිය 09 June 2020
සමගි ජන බලවේගයේ නාමයෝජනා ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලූ පෙත්සම නිෂ්ප්‍රභයි ඉදිරි මහමැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර නිෂ්ප්‍රභ කරන ලෙසට මැතිවරණ කොමිසමට රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ රිට් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (09) නිෂ්ප්‍රභ කළේය. 09 June 2020
මෙරට මූල්‍ය පද්ධතිය ශක්තිමත් - මහ බැංකු අධිපති මෙරට මූල්‍ය පද්ධතිය ශක්තිමත්ව පවතින බවත් මහජනතාවගේ තැන්පතුවල සුරක්ෂිත බව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතාගේ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරයි 09 June 2020
ටැන්සානියාව කොරෝනාවලින් නිදහස් නැගෙනහිර අප්‍රිකානු රටක් වන ටැන්සානියාව නව කොරෝනා වයිරසයෙන් නිදහස් රටක් යැයි එරට ජනාධිපති ජෝන් මගුෆුලී නිවේදනය කළේය. 09 June 2020
ශික්ෂණ රෝහල් දෙකකට කොරෝනා රෝගීන් පරීක්ෂා කිරීමට බාහිර මධ්‍යස්ථාන දෙකක් පෙරමඟ වැඩසටහන’ යටතේ රාගම උතුරු කොළඹ සහ පානදුර ශික්ෂණ රෝහල් සඳහා ‘කොවිඩ්-19’ රෝගීන් පරීක්ෂා කිරීමේ බාහිර මධ්‍යස්ථානය බැගින් පිරිනැමිණි. 09 June 2020
ඉන්දියාවෙන් හයවැනි දිනටත් කොරෝනා ආසාදිතයන් 9,000ක් අඛණ්ඩව හයවැනි දිනටත් ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන අද (9) 9,000 ඉක්මවූ අතර එම ගණන 9,987ක් ලෙස දැක්විණි. 09 June 2020
කොරෝනා මළ සිරුරු භූමදානය අහිතකරද? කොවිඩ්-19 රෝගය හේතුවෙන් මරණයට පත්වන රෝගීන්ගේ මෘත ශරීර බැහැර කිරීම සම්බන්ධව කිසිම රටක නොවූ විරූ ආකාරයේ මහත් ආන්දෝලනයක් අප රට තුළ පවතින බව සියලු දෙනා දන්නා කරුණකි. මේ අතර වඩාත්ම කතිකාවට ලක්වූ මාතෘකාවක් නම්, ලෝකයට ආගන්තුක කොරෝනා වැනි මාරාන්තික වයිරසයකින් ආසාදිත රෝගියකුගේ මෘත ශරීරය මිහිදන් කිරීමෙන් මානව ප්‍රජාවගේ පැවැත්මට හානිකර විය හැකිද යන්නයි. 09 June 2020
ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව සැප්තැම්බර් 2 දා සිට විභාගයට මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ සිරකර තැබීම සඳහා පැහැරගෙන යෑමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා ලැබ සිටින යුද හමුදා ලුතිනන් කර්නල්වරුන් දෙදෙනෙකු ඇතුළු හමුදා බුද්ධි නිලධාරීන් 07 දෙනාට එරෙහි නඩුව සැප්තැම්බර් මස 02 වැනිදා සිට විභාග කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (09) තීරණය කළේය. 09 June 2020
උසස් පෙළ - ශිෂ්‍යත්ව විභාග සැප්තැම්බර් දක්වා කල්යයි රට තුළ පැවති තත්ත්වය හේතුවෙන් දිගු කාලයක් පාසල් වසා තිබූ බැවින් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය කල්දැමීමට තීරණය කළ බව අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 09 June 2020
ජාතික රෝහලේ මුදල් කොල්ලකෑ පුද්ගලයෙක් අත්අඩංගුවට වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් කොළඹ ජාතික රෝහලේ මුදල් අංශයේ වෙත පැමිණි පුද්ගලයෙක් මුදල් අයකැමිට ගිනි අවියක් එල්ල කර මුදල් කොල්ල කා පළා යද්දී මීට සුළු මොහොතකට පෙර දී අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය කියයි . 09 June 2020
ජූලි 6 වැනිදා සිට දරුවන් යළි පාසලට කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාස තුනකට ආසන්න කාලයක් වසා දමා තිබූ පාසල් යළි විවෘත කිරීම මෙම මස 29 වැනිදා සිට අදියර 4ක් යටතේ සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 09 June 2020
කතරගම පෙරහර ජූලි 21 දා ඇරඹෙයි ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහර මංගල්‍යය මෙවරත් ජුලි මස 21 දින ආරම්භ කර අගෝස්තු මස 03 දින දක්වා පැවැත්වීමට නියමිතය. 09 June 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026