(වන්නි රොමේෂ් මධුෂංඛ)
යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා අද (09) අලුයම අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.
යාපනය නගරයේ ආරක්ෂාවට යැයි පවසමින් පස් දෙනෙකුගෙන් යුතු යාපනය නගර ආරක්ෂක බලකාය නමින් නීතිවිරෝධී ආරක්ෂක ඒකකයක් පිහිටුවීමේ චෝදනාව යටතේ නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගත් යාපනය මහනගරාධිපති වරයා අද උදෑසනම වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා යාපනය පොලීසියේ සිට වව්නියාව ත්‍රස්ත විමර්ශන ඒකකයට රැගෙන ඒමට කටයුතු යොදනු ලැබීය.
යාපනය නගර ආරක්ෂක බලකායක් ලෙසින් පුද්ගලයින් පස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් නිර්මාණය කොට ඔවුන් වෙනුවෙන් වෙනම නිලඇඳුමක්ද හඳුන්වා දී තිබූ අතර අදාල නිලඇඳුම සම්බන්ධයෙන් දැඩි කතාබහකට ලක් වූවේ එය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පොලිස් සාමාජිකයින් විසින් පැළඳී නිලඇදුමට බෙහෙවින් සමාන වීම හේතුවෙනි.
මෙම බලකාය සමබන්ධයෙන් යාපනය පොලීසිය දැනුවත් නොකිරීම පිළිබඳව ඊයේ (08) දිනම යාපනය මහනගරසභා කොමසාරිස් වරයා ඇතුලු එම බලකායේ සාමාජිකයින් පස් දෙනාද පොලීසියට ගෙනවා ප්‍රකාශ ලබා ගැනීමෙන් පසුව අද අලුයම යාපනය මහනගරාධිපතිවරයා මෙලෙස අත්අඩංගුවට ගනු ලැබීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
යාපනයේ මහ නගරාධිපති අත්අඩංගුවට
LS Friday, 09 April 2021 12:29 PM
යාපනේ මහනගර සභා ඡන්දය දෙසැම්බර්වල... කලින්ම ප්‍රචාරණය පටන් ගෙනයි තියෙන්නේ..
Binkunndaa Friday, 09 April 2021 07:55 PM
ඉතාමත් හොඳයි ... ශ්‍රී ලංකාව පුරාම එක නීතියක් තිබිය යුතුය...