
(රොමේෂ් මධුෂංඛ)
යාපනය වඩුක්කොඩ්ඩඩෙයි පොලිස් වසමේ කරෙයනගර් ප්‍රදේශයෙන් මසුන් ඇල්ලීමට මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකු අතුරුදහන් වී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි වඩුක්කොඩ්ඩෙයි පොලීසිය පවසයි.
පසුගිය 07 වනදා මසුන් ඇල්ලීමට ගිය ධීවරයින් තිදෙනෙකු අද (09) දිනය වන විටත් ආපසු වෙරලට නොපැමිණීම හේතුවෙන් ධීවරයිනගේ ඥාතීන් විසින් පොලීසියට පැමිණිලි කර තිබේ.
මේ දක්වා අතුරුදන් වූ ධීවරයින් සම්බන්ධයෙන් හෝඩුවාවක් හෝ සොයාගෙන නොමැති බවට පොලීසිය පවසයි.
මුහුදු ගිය ධීවරයින්ගේ යාත්‍රාව කාර්මික දෝෂයකට ලක් වී හෝ අනතුරකට ලක් වී හෝ ඇත්දැයි යන්න සෙවීමට නාවික හමුදාවද දැනුවත් කොට ඇති අතරම ප්‍රදේශයේ ධීවරයින්ද අතුරුදහන් වූ ධීවරයින් සොයා සෝදිසියක් අරම්භ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd