(ඩයනා උදයංගනී)
බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (7) සවස් හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැක.
සෙසු ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක් පවතිනු ඇත.
සූර්යයා දෘෂ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම මෙම මස 14 වැනිදා දක්වා සිදු වන අතර ඒ අනුව අද (7) දහවල් 12.13 ට කොළඹ,මල්වාන, කොස්ගම, සීතාවක, මල්දෙණිය, රොසැල්ල,තලවකැලේ, සීතාඑළිය, ඇටම්පිටිය, පස්සර, වරලන්ද සහ පලාඩි කලපුව යන ප්‍රදේශයන්ට ඍජුවම හිරු මුදුන්වන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd