(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීකවිරරත්න)
රන්ජන් රාමනායක මහතාගේ පුරප්පාඩු වූ මන්ත්‍රී ආසනය සඳහා හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වූ අජිත් මාන්නප්පෙරුම මහතා පත් කෙරෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග කියයි.
මාන්නප්පෙරුම මහතා පදුගිය වසරේ පැවැති මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපෙක්ෂක ලයිස්තුවේ රන්ජන් රාමනායක මහතාට පසුව ඊළගට වැඩි මනාප සංඛ්‍යාවක් ලබගත් අපෙක්ෂකයාය.
ඔහු එම මැතිවරණයෙන් ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 470212කි.
රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රි ආසනය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මැතිවණ කොමෂන් සභාවට දැනුම් දී ඇති හෙයින් එම කොමිසමේ උපදෙස් මත ගම්පහ දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරිවරයා විසින එම මන්ත්‍රී පුරප්පාඩුව සඳහා අජිත් මාන්නප්පෙරුම මහතාගේ නම ඉදිරිදිනවල යෝජනා කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැහි ගෑණි දීලා හොටු ගෑනි ගත්තා.
චින්තක, ඔබේ මවත් ඡන්දෙට ඉදිරිපත් වූ බව මම දැනගෙන හිටියේ නැහැ. එහෙම වුණා නම් උද්ඝෝෂණයක්වත් කරන්න තිබුණා...
ඔහු එම මැතිවරණයෙන් ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 470,212කි. ලක්ෂ 4 කට වඩා මනාප අරන් පාර්ලිමේන්තුවට එන්න බැරි වුණාද?
මේ ඡන්ද ක්රමයේ දුර්වලතාවය එයයි. කිසිසේත්ම ප්රජාතන්ත්රවාදී නෑ...