(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
වෙළෙඳපොලේ පොල්තෙල්වල පිළිකාකාරක නැතැයි පරීක්ෂණ වලදී හෙලීවී තිබෙන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ( 6)
පැවසීය.
වෙළඳපොලේ පොල්තෙල්වල පිළිකාකාරක ඇතැයි පැතිර යන කතාව බොරුවක් යැයිද ඇමැතිවරයා කීය.
ඔහු මේ බව සඳහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විෂ පොල්තෙල් සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27(2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
වෙළඳපොලේ විෂ පොල්තෙල් හසුවූවහොත් තරාතිරම නොබලා ඔවුනට දඬුවම් කරන බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.
දේශිය පොල්තෙල් කර්මාන්ත සම්බන්ධයෙන් නැති භීතිකාවක් මැවිම හිතකර තත්වයක් නොවේ යැයි ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා විපක්ෂයේ ඉන්නකොට මේ වගේ සිද්ධි වුණා නම් පාර්ලිමේන්තුව දෙවනත් කරනවා නේද?
අපි විහිළුකාරයෝ සහ බොරුකාරයෝ විශ්වාස කරන්නේ නෑ.
සමාන්තර ලෝකේ නෑ කියන අයට දෙන්න තියන හොඳම උත්තරය තමයි මෙතුමා. අනිවාර්යෙන්ම මෙතුමා ජිවත් වෙන්නේ සමාන්තර ලෝකය තියන ශ්‍රී ලංකාවේ.
ලබන වාරේ කඩන පොල්වලින් හිඳින තෙල් ගැන වෙන්න ඇති කියන්නේ...
මේ අය නෑ කියනවා නම්.., අනිවාර්යයෙන්ම තියෙනවා.
මේ වගේ අය පොහොට්ටුවේ ඉන්න මහා බොරුකාරයින් තමයි. විශ්‍රාම යන්න ලෑස්තිවෙලා හිටියොත් තමයි හොඳ..!!!
ආහාර විතරක් නෙවෙයි, විෂ සබන්, රෙදි සෝදන කුඩු, පිඟන් හෝඳන දියර සියල්ලම නියාමනය කරන්න ඕනේ. ඒ වගේ තියෙන රසායනික ගැන කාටවත් ගානක් නැහැ. සමහර රෙදිසෝදන කුඩු වලට ආයුර්වේද දොස්තරලා කෙළින්ම විරුද්ධයි. මොකද එ්වා නිසා සමේ රෝග හැදෙන ප්‍රවණතාව වැඩියි...
ඔබතුමාගේ නෝනටයි , දරුවන්ටයි මේ පොල්තෙල් වලින් කැවුමක් බැදලා කන්න දීල පෙන්වන්න පුලුවන්ද ඇමතිතුමෝ? අහුවෙන හැම දෙයක්ම කාලා දමන නිසා ඔබතුමා කෑවේ නැතුවට කමක් නැහැ.
ඔය කියන්නේ බොරු.. ඊයේ රෑ වෙන්නැති පොල්තෙල් චෙක් කළේ..
මෙයා නෑ කිව්වොත් අනිවාර්යයෙන්ම තියෙනවා.
රසායන විද්‍යාඥ බන්දුල ගුණවර්ධනගේ සොයාගැනීමක්ලු... එහෙනම් පොල්තෙල් ශරීරයට අහිතකර නැතිවෙයි..