
(රංජිත් රාජපක්ෂ)
කාසල්රි ජලාශ රක්ෂිතය ආසන්නයේ පිහිටි නොර්වුඩ් රොක්වුඩ් වතුයායේ පිහිටි ලදු කැලැවක සහ වන වගාවක අද (6) දහවල් හටගත් ගින්නකින් අක්කර 10 පමණ විනාශ වි ඇති බව එම වතු යායේ පාලන අධිකාරිය පවසයි.
කාසල්රි ජලාශයට ඉතා ආසන්නයේ පිහිටි එම වතු යායට අයත් වන වගා රක්ෂිතය අක්කර 20 ක පමණ වපසරියකින් යුක්ත අතර ගින්න කදු මුදුණ තෙක් පැතිර ගොස් ඇත.
කාසල්රි ජලාශ ජල පෝෂක ප්‍රදේශයේ මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කිසියම් පිරිසක් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට වතු පාලන අධිකාරිය සැකකරයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd