කළු ජාතිකයාට යුක්තිය ඉල්ලා ප්‍රංශ ජනතාවත් වීදි බසිති වසර 2016 දී පොලිස් මෙහෙයුමක් අතරතුර සිදුවූ කළු ජාතිකයෙකුගේ මරණය සිහිපත් කරමින් ප්‍රංශයේ අද (03) පැවැත්වූ විරෝධතාවයක් විසිරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. 03 June 2020
චීන වෛද්‍යවරයෙක් කොරෝනා රෝගයෙන් මරුට කොරෝනා වයිරසය ආසාදනය වී හේතුවෙන් තවත් චීන වෛද්‍යවරයෙකු මියගොස් තිබේ. 03 June 2020
තොණ්ඩමන්ගේ අවමඟුල ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදියකු නිරෝධායනයට හැටන් දිඹුල ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කරන අයෙකු සහ ඔහුගේ නිවසේ සිටි අයෙකුත්, රියදුරෙකුත් දින 14 ක් ස්වයං නිරෝධනයට යොමු කළ බව කොටගල මහජන සෞඛ්‍යය පරික්ෂක සෞන්දර් රාගවන් මහතා පැවසීය. 03 June 2020
කිලිනොච්චිය මුහමාලෙන් තවත් යුද උපකරණ තොගයක් හමුවෙයි කිලිනොච්චිය පලෙයි මුහමාලෙයි ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කළ ප්‍රදේශයක සිදුකළ කැනීම් වලදී ඊයේ (02) එල්.ටී.ටී.ඊ සංවිධානය සතු යුද උපකරණ , මිනිස් අස්ථි හා නිල ඇඳුම් තොගයක් හමු වූ බව කිලිනොච්චිය පොලිසිය පවසයි. 03 June 2020
කොරෝනා සෞඛ්‍ය නීති කාටත් එක සේ නැත්ද? මෙරට දේශපාලනයේ කිරුළු නොපළන් රජකු වශයෙන් සැලකුණු හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා පසුගිය 31 වැනිදා දැයෙන් නික්ම ගියේය. රාජ්‍ය ගෞරව සහිත අභිමානවත් අවමංගල්‍ය උත්සවයක් තොණ්ඩමන් මහතා වෙනුවෙන් සංවිධානය කෙරිණි. ඔහුගේ මරණය මෙරට දේශපාලනය තුළ රික්තකයක් නිර්මාණය කර තිබෙන බවද නොරහසකි. ඉහත සඳහන් කරුණු සම්බන්ධයෙන් මේ වනවිට බොහෝ දේ ලියැවී ඇත. අපගේ මේ සටහන ඒ කරුණු ගැන විමසීමක් නොවේ. 03 June 2020
කනගරායන්කුලම රිය අනතුරකින් කොස්තාපල් ඇතුළු දෙදෙනෙක් මරුට යාපනය , නුවර ඒ නවය මාර්ගයේ කනගරායන්කුලම කිලෝමීටර 216 වැනි කණුව අසලදී යතුරු පැදියක් ලොරි රථයකගැටී පොලිස් කොස්තාපල්වරයකු හා තවත් පුද්ගලයකු අද උදෑසන (03) ජීවිතක්ෂයට පත්ව ඇතැයි කනගරායන්කුලම පොලිසිය පවසයි. 03 June 2020
ආහාර ආසාත්මිකතාවකින් මඩකලපුවේ 30ක් රෝහලේ මඩකලපුව ආරයන්පති කෝවිල්කුලම්හිදී විවාහ මංගල්‍යයක් පැවති නිවසක ආහාර ආසාද්මිකතාවකින් 30 දෙනෙකු අසනීපවී රෝහල් ගත කර තිබේ. 03 June 2020
පිහි ඇනුමකින් තුවාල ලැබූ රැඳවියා ජාතික රෝහලට පිහි ඇනුමකින් තුවාල ලැබූ වැලිකඩ බන්ධනාගරයේ රැඳවියකු කොළඹ ජාතික රෝහලට ඇතුලු කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. 03 June 2020
ඒ ටී එම් කාඩ් පතකින් මුදල් සොරාගත් බන්ධනාගාර නියාමක අත්අඩංගුවට අන්සතු බැංකු කාඩ් පතක් භාවිත කර ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් වංචනික ලෙස මුදල් ලබාගත් වැලිකඩ බන්ධනාගාරයේ නියාමකවරයකු බොරැල්ල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. 03 June 2020
බීමත්ව කලහකාරි ලෙස හැසිරුණු කොස්තාපල්ගේ වැඩ තහනම් හබරාදුව නගරයේදී ඊයේ (02) රාත්‍රී බීමත්ව කලහකාරි ලෙස හැසිරෙමින් සිටියදි අත්අඩංගුවට ගන්නා ලද පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කළ බවත් ඔහු අද (03) ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිත බවත් ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි. 03 June 2020
පෑලියගොඩ බිළිඳකුගේ මරණය සම්බන්ධයෙන් මව්පියන් අත්අඩංගුවට පෑලියගොඩ නුගේ පාරේ නිවසක මාස දෙකක් වයසැති බිළිඳකු සැකකටයුතු ලෙස මිය යාම සම්බන්ධයෙන් බිළිදාගේ මව්පියන් අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ පොලීසිය කියයි. 03 June 2020
කොරෝනා අසාදිතයින් ගණන 1683 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1683 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 02 June 2020
රෝහින්ග්‍යා සරණාගතයෙකු කොරෝනා වයිරසයෙන් මරුට බංගලාදේශයේ කඳවුරක රෝහින්ග්‍යා සරණාගතයෙකු කොරෝනා රෝගයෙන් මියගොස් තිබේ. 02 June 2020
හොංකොං හි දේශසීමා වසා දමයි කෙරෝනා වයිරස පොකුරක් වාර්තා වීමත් සමඟ හොංකොං හි සියලුම දේශසීමා විදේශිකයන් සඳහා වසා දැමීමට බලධාරීහු අද (02) කටයුතු කළහ. 02 June 2020
’ඇමෙරිකාවේ මාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රහාර ගැන විමසිල්ලෙන්’ ඇමෙරිකා එක්සත් ජනපදයේ විරෝධතා ආවරණය කරන මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල වීම සහ ඔවුන් සිරගත කිරීම සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බව එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ප්‍රකාශකයා අද (2) කීය. 02 June 2020
ඇමෙරිකාවේ විරෝධතා මඩින්න හමුදාව කැඳවන්නැයි ට්‍රම්ප්ගෙන් තර්ජනයක් පොලිසියේ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී මියගිය නිරායුධ කළු ජාතිකයකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරෝධය පළ කරමින් ඇමෙරිකාව පුරා පැවැත්වෙන විරෝධතා අවසන් කිරීම සඳහා හමුදාව කැඳවන්නේ යැයි එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (2) තර්ජනය කළේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 02 June 2020
සිංගප්පූරුවේ වසා තිබූ පාසල් අද විවෘත කරයි කොරෝනා අවදානම හේතුවෙන් මාස දෙකකට අධික කාලයක් වසා දමා තිබණු සිංගප්පූරුවේ පාසැල් අද (02) නැවත විවෘත කෙරිණ. 02 June 2020
ජූනි 4 රජයේ කාර්යාල නිවාඩු දිනයක් කරයි ජූනි 4වන බ්‍රහස්පතින්දා රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පවසයි. 02 June 2020
ආසාදිත ගුරුවරුන් හමුවීමෙන් සෙනගල් හි පාසල් වහයි ගුරුවරුන් කිහිපදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසු සෙනගල් රාජ්‍යයේ පාසල් ආරම්භ කිරීම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇතැයි එරට අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 02 June 2020
මාස දෙකකට පසු තායි වැසියෝ පන්සල් යති මාස දෙකකට ආසන්න කාලයකට පසු තායි වැසියෝ අද (2) වෙහෙර විහාරස්ථාන වැඳ පුදාගැනීම සඳහා එම ස්ථානවලට ගියහ. 02 June 2020
පුද්ගලයින් සිව් දෙනකු කපා කොටා සැඟව සිටි 4 ක් අත්අඩංගුවට කහවත්ත කට්ටංගේ ප්‍රදේශයේ දි පුද්ගලයින් සිව්දෙනෙකු තියුණු ආයුද වලින් කපා කොටා බරපතළ තුවාල සිදු කර සැගව් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු පැල්මඩුල්ල පොලිසිය විසින් අද ( 02) වනදා අත් අඩංගුවට ගනු ලැබිය . 02 June 2020
පාකිස්තානයෙන් දිනයකදී කොරෝනා ආසාදිතයන් 3,900 ක් පාකිස්තානයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන්ගේ ගණන අද (2) පස්වරුන් අවසන් වූ පැය 24 දී වාර්තා වූ අතර එම ගණන 3,938ක් ලෙස දැක්විණි. 02 June 2020
සේවක කප්පාදුව දැනටමත් පටන් අරන් කොවිඞ් 19 ව්‍යසනයෙන් පීඩාවට රටම පීඩාවට පත්වීමෙන් පසු ජාතික කම්කරු උපදේශක සභාවේ දී හාම්පුතුන් ගේ වෘත්තිය සමිති හා සේවක වෘත්තිය සමිති ආයතන යළි ආරම්භ කිරීම ගැන එකඟතාවන්ට පැමිණියත් ආයතන හිමිකරුවන් විවිධ හේතු ඉදිරිපත් කරමින් සේවක කප්පාදු සිදුකරගෙන යන බව නිදහස් වෙළඳ කලාප හා පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මහතා ප්‍රකාශ කළේය. 02 June 2020
මෙක්සිකෝවේ මියගිය සංඛ්‍යාව 10,000 ඉක්මවයි කොරෝනා රෝගයෙන් මෙක්සිකෝවේ මියගිය සංඛ්‍යාව 10 000 සීමාව ඉක්මවා ගොස් තිබේ. 02 June 2020
කෝටි එකහමාරක මත්කුඩු සමඟ දෙදෙනකු අත්අඩංගුවට දිවුලපිටිය බස් නැවතුම්පොළ අසළ දී කෝටි එකහමාරකට ආසන්න වටිනා හොරෙයින් මත්කුඩු යතුරු පැදියකින් රැගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් අද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි . 02 June 2020
සිංගප්පුරුවේ සිටි ශ්‍රී ලාංකිකයින් 291 කටුනායකට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 291 දෙනෙකු රැගෙන අද(02 ) සවස 4.15 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 303 දරණ විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 02 June 2020
චීනයෙන් - ඉරානයෙන් ඇමෙරිකාවට විරෝධය ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ක්‍රියාත්මක ප්‍රචණ්ඩත්වයත් වර්ගවාදයත් හෙළා දකිමින් චීනය සහ ඉරානය ප්‍රකාශ නිකුත් කර ඇත. 02 June 2020
චීනයෙන් ගෙන ආ එස් 14 බලවේග කට්ටල සහ මැදිරි සහිත දුම්රියක් පරීක්ෂණ චාරිකාවක චිනයෙන් මෙරටට ආනයනය කරන ලද එස් 14 වර්ගයේ බලවේග කට්ටල සහ මැදිරි සහිත දුම්රියක් පරික්ෂණ චාරිකාවක් සදහා අද (02) කොළඹ කොටුවේ සිට හැටන් දුම්රිය ස්ථානය දක්වා ධාවනය කළ බව මධ්‍යම පළාත් දුම්රිය ප්‍රවාහන අධිකාරි ආන්නද කරුණාරත්න මහතා පැවසිය. 02 June 2020
පොදු ප්‍රවාහන සේවා කොන්දේසි සහිතව සාමාන්‍ය පරිදි පොදු ප්‍රවාහන සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වුව ද එය සිදුවන්නේ කොන්දේසි සහිතව බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි. 02 June 2020
අනුරාධපුර බන්ධනාගාරය ඔයාමඩුවට රැගෙන යාමට අනුමැතිය අනුරාධපුර නගරයේ පිහිටි බන්ධනාගාරය ඔයාමඩුව ප්‍රදේශයේ පිහිටි අක්කර 100 ක භූමියක ස්ථාපිත කිරීම සඳහා ජනාධිපතිවරයාගේ සහ අග්‍රමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවී ඇතැයි පරිසර වනජීවි ඉඩම් ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා අද (02) දින පැවසීය. 02 June 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026