
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් නොකරන්නැයි ඉල්ලා රංජන් රාමනායක මහතා ගොනු කළ රිට් පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (05) තීන්දු කළේය.
පෙත්සම් සම්බන්ධයෙන් නීතිමය පදනමක් නොමැති බවට නීතිපති කළ මූලික විරෝධතාව පිලිගනිමින් පෙත්සමවිභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට විනිසුරු මඩුල්ල තීන්දු කරන ලදී.
රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ඉවත් කිරීමට පියවර ගැනීම වළක්වාලන අතුරු නියෝගය නිකුත් කරනවාද ? නැත්ද? යන්න පිලිබද නියෝගය අද(05) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබා දෙන ලදී.
මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා මහත්වරුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ ප්‍රකාශයට පත් කෙරිණි.පාර්ලිමේන්තු මහලේකම් විසින් තමාව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට පියවර ගැනීම වළක්වාලන ප්‍රොහිබිෂන් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා රංජන් රාමනායක මහතා මෙම පෙත්සම ගොනු කර තිබිණි.
විදානපතිරණ ඇසෝසියේට් නීතීඥ සමාගම මාර්ගයෙන් රංජන් රාමනායක මහතා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය අවනිතිය වෙලා අවනිතිය නිතිය වෙලා රටකට ගිය කල.
නීතිය නිවැරදිව ක්‍රියාත්මක කිරීම ගැන අධිකරණයට උත්තමාචාරය පලකල යුතුයි. මේක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. සැමටම නීතිය ක්‍රියාත්මක වීම. පාර්ලිමේන්තු මන්ත්‍රී වුණත් සාමාන්‍ය ජනතාව වුණත් අධිකරණයට අපහාස කලොත් දඬුවම් ලැබෙන බව. දැන දැන වැරැදි කරලා, බොරුවට මෙතන අඩන්නේ නැතිව ඉන්ඩ. ඕනම කෙනෙකුට තේරෙනවා උසාවියට අපහාස කරාම දඩුවම් දෙන බව.
උසාවියේ ඉන්නේ සාන්තුවරයෝ ද . දේසපාලුවන්ගේ හෙන්චයියන්, හිරගෙදරට යවන්ඩ ඕන අයව රජ ගෙදරට යවපු අය. මහාපරිමාණයෙන් රට කෑව හොර දුෂිතයෝ ,මිනිමරුවෝ ,නිදහසේ සුවසේ ඉන්නවා .ඇත්ත තිත්තලු .
හරිම කණගාටුයි. මේ මනුස්සයා කිව්වේ ඇත්ත.
නිකම් කෙඳිරි ගාන්නේ නැතිව, මිනිහෙක් වගේ දුන් දඬුවම විඳින එක තමා හොඳ.