(මනෝප්‍රිය ගුණසේකර)
පාස්කු ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූවන්ට වන්දි ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් හිටපු ජනාධිපති, අගමැති,පොලිස්පති ඇතුළු පිරිසට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ අද (6) නඩු පවරයි.
පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වැළැක්වීමට කටයුතු නොකිරීම නිසා තම ඥාතීන් මියගිය බව තවත් පිරිසක් සදාකාලික ආබාධාත වූ බවත් තවත් පිරිසකට බරපතල තුවාල සිදු වූ බවත් පෙත්සම්වල සඳහන් වේ.
මෙම ප්‍රහාර වළක්වීමට වගඋත්තරකරුවන්ට හැකියාව තිබියදී එය නොකිරීම නිසා තම ඥාතින්ට සිදුවු හානි සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ගේ වන්දි අය කර දෙන්නැයි පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.