
(යොහාන් භාසුර)
තමන් යකඩ ගැහැණියක් බවත් කෙනෙහිළිකම්වලින් වැට්ටිය නොහැකි යැයි ශ්‍රී ලංකා විවාහක රූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය අද (06) පස්වරුවේ පැවසුවාය.
ලෝක විවාහක රූ රැුජින තරග සංවිධාන කමිටුවේ උපදෙස් මත ශ්‍රී ලංකා විවාහක රූ රුජින කිරුළ පුෂ්පිකා ද සිල්වාට නැවත පැළ`ද වූ බව ශ්‍රී ලංකා විවාහක රූ රුජින තරගයේ ප‍්‍රධාන සංවිධායක සුප‍්‍රකට රූපලාවරණ ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා පැවසීය.
ඇය තරගය අතරතුරදී දික්කසාද වී සිටියේ නම් ජාත්‍යන්තර නීති රීතිවලට අනුව තරගයට සහභාගි වීමට අවස්ථාව නොමැති බවත් ඇය මේ දක්වා දික්කසාද වී නොමැති වීම නිසා කිරුළට හිමිකම් කියන බවත් චන්දිමාල් මහතා පැවසීය.
ප‍්‍රධාන සංවිධායක ලෙස කිසි`දු විටක මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් බලාපොරොත්තු නොවූ බවත් එම සිද්ධිය පිළිබ`දව පුෂ්පිකාගෙන් සමාව ඉල්ලා සිටින බවත් චන්දිමාල් මහතා කීය.
පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ සහභාගිත්වයෙන් කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී චන්දිමාල් මහතා එසේ පැවසීය.
ශ්‍රී ලංකා විවාහක රූ රුජින තරගය පසුගිය ඉරිදා නෙළුම්පොකුණ රඟහලේදී පැවැති අතර එහිදී පුෂ්පිකා ද සිල්වා මහත්මියට කිරුළ පැළදැවීමෙන් පසුව ලෝක විවාහක රූ රැජිනක් වන කැරොලයින් ජූරි මහත්මිය ප‍්‍රමුඛ පිරිසක් කිරුළ ගලවා දෙවැනි ස්ථානයට පත්වූ කාන්තාවට පැළඳවීම දැඩි ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්විය.
පුෂ්පිකා ද සිල්වා මහත්මිය මාධ්‍ය හමුවේදී පැවසුවේ තමන් මේ දක්වා දික්කසාද වී නොමැති බවත් සැමියාගෙන් වෙන්ව දරුවා සමඟ ජීවත් වන කාන්තාවක් බවයි.
තමන් යකඩ ගැහැනියක් බවත් මෙවැනි දේවලින් මානසිකව වැට්ටිය නොහැකි බවත් පුෂ්පිකා පැවසුවාය.මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා විවාහක රූ රුජින තරගයේ ප‍්‍රධාන පුහුණුකරු රුක්මාල් සේනානායක මහතා ද සහභාගි විය.
( ඡායාරූප - ළහිරු හර්ෂණ )





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද කෑම? අති විශිෂ්ඨයි සර්...
විකාර තමයි.
පළාත් සබා ඡන්දෙන් ඔය කඳුලු වලට වටිනා කමක් ලැබෙයි නංගි. පබාත් ඉහළින්ම ආවේ..
මෙයාලා ලස්සනයි කියලා තෝරන්නේ පිරිමිද?
රූප නිකායට බඳුනම යකඩ රත්තරන් වෙලා ඔයාව පාර්ලිමේන්තුත් යවල තමයි අපේ ගොයියෝ නතරවෙන්නේ . අනේ වාසනාවන් . අර වෙන් වුන මනුස්සයා බේරුනා
නියම යකඩ ගැහැණු ලංකාවේ ඕන තරම් ඉන්නවා. ඔයා යකඩ ගැහැණියක් කියලා පිම්ඹෙන්න හදන්නේ ඔටුන්න නිසාද? විකාර
පුප්පිකා ...පරිස්සමෙන් ..මළකඩ කයි.
පසුගිය දවසක මම දැක්කා පුවතක් කලාවැව පැත්තේ අම්මා කෙනෙක් තම දරු පවුල රැක බලා ගන්න ඔරුවකින් ගොස් කලාවැවේ දැල් දමා මාළු අල්ලනවා තනියම. ඒ විස්තරයට අනුව එයාට රාත්‍රී කාලයෙත් වැවට යන්න වෙනවලු. මෙයා යකඩ ගැහැණියක් නම් ඒ අම්මා රත්තරං ගැහැණියක් විය යුතුයි.
බෝට්ටු සංදර්ශන...
ප්‍රදීප් ඔයා හරියටම හරි. මේ සංදර්ශනය හේතුකොට ගෙන තව මාසයක් දුවන්න පුළුවන් රටේ අනිත් ප්‍රශ්න අමතක කරලා
දෙයියෝ ලස්සන දුන්නාට මොලේ දීලා නැහැ. 99%ක්ම කාන්තාවන් ඒ වගේමයි.
පොළොන්නරුවෙන් හුලං පොදක් වත් ආයේ අපිට එපා...
එක්සත් රාජධානියේත් මාග්‍රට් නමින් යකඩ කතක් හිටියා.. එයත් ඔයා වගේම ඇද ඇද කියනවා යකඩ ගැහැණියක් කියලා.