(නිමල කොඩිතුවක්කු)
සියලුම දුම්රිය පාර්සල් ප්‍රවාහන කටයුතුවලින් අද(06) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් වීමට කටයුතු කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පවසයි.
දුම්රිය ස්ථාන වල පවතින අධික සේවක හිඟය හේතුවෙන් මෙම තීරණය ගත් බවත් ලේකම්වරයා සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක දී දුම්රිය පාලනාධිකාරිය සමඟ සාකච්ඡා කළත් ඉන් කිසිදු විසඳුමක් නොමැති වීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹි බවත් තම ගැටළුවට විසඳුම් ලබා ලබාදෙන තෙක් අඛණ්ඩව මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය නිරත වන බවත් ජයසේකර මහතා කියයි.
මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු 8000ක් පමණ පවතින බවත් දුම්රිය ධාවන කටයුතු සිදුවන ප්‍රවාහන උප දෙපාර්තමේන්තුවේ පමණක් සේවක පුරප්පාඩු 3500 ක් පවතින බවත් ඔහු සඳහන් කරයි..

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට හැමදාම මොකක් හරි මඟුලක් තියෙනවා ඇදගන්න.මං හිතන්නේ දුම්රියෙන් ලැබෙන ආදායමෙන් වැඩිපුරම මුදලක් යන්නේ මේ අයට පැදි නඩි අනෙකුත් සේවා සපයන්න.මේ දුක්බර කාලය ගැන හෝ හිතලා මේවා ගැන ටිකක් ඉවසීමෙන් වැඩ කරා නම් නේද වඩා හොඳ.
අලි මදිවට කොටි... කොටි මදිවට ගැරඬි කිව්වලු. මගීන් පවසන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව යන රජයේ සත්තු වත්ත, පුද්ගලික සත්තු වත්තක් බවට පත්කරන්න කියලා.