(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රේගුවෙන් වෙළෙඳ පොළට නිකුත්කරන භාණ්ඩ 7200 ක් අතුරින් 5800ක් කුමන ආකාරයකින්වත් විමර්ශනයකට ලක් වන්නේ නැතැයි සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය.
මේ අතර පරිභෝජන මෙන්ම පාරිභෝජන නොවන භාණ්ඩ ද තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙි භාණ්ඩ කන්ටේනරයෙන් ලංකාවට ගෙනවිත් කෙලින්ම වෙළෙඳ පොළට යන බව කී අලගියවන්න මහතා නිදහසින් පසු රට මුහුණ දෙන මෙි ක්‍රමවේදයේ අඩුපාඩුකම් නිවැරැදි කිරීමට අප වැඩ කටයුතු ආරම්භ කර තිබෙන බවද සඳහන් කළේය.
කිසිදු රජයක් ජනතාවට හිතාමතා වහ කවන්න උත්සාහ කරන්නේ නැතැයි ද වෙළෙඳපොළට විෂකාරක තෙල් නිකුත් වී තිබේ යැයි කිසිම රාජ්‍ය ආයතනයක් අද වන තෙක් ප්‍රකාශ කොට නැතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"නිදහසින් පසු රට මුහුණ දෙන මේ ක්‍රමවේදයේ අඩුපාඩුකම් නිවැරැදි කිරීමට අප වැඩකටයුතු ආරම්භ කර තිබෙන බවද සඳහන් කළේය".. මදැයි නිදහස ලබලා අවුරුදු 73ක් ගිහිල්ලත් මේවා නිවැරදි කරන්න කටයුතු ආරම්භ කරලා තියෙන්නේ දැනුයි. මහත්තයෝ පෞද්ගලිකව මට නම් මෙහෙම දෙයක් කියන්න ලැජ්ජයි. ඇයි මෙච්චර කාලයක් ගිහිල්ලත් රට පාලනය කරපු පිරිසට මේ දේවල් පාලනය කර ගන්න බැරි වුනේ..? මම වැඩ කරන්නේ ආහාර නිෂ්පාදන අපනයනය කරන ආයතනයක. අපේ නිෂ්පාදන ගන්න යුරෝපයේ සහ ඇමරිකාවේ අය අපගේ භාණ්ඩ වල තත්වය ගැන දක්වන සැලකිල්ල දැක්කාම අපිට අපේ රටවල් ගැන හරිම දුකයි. ඒ මිනිස්සු ඒ රටවල් ඇතුළට ගන්නේ තත්වයෙන් ඉතාම උසස් නිෂ්පාදන පමණයි. ඒ ඇයි.. ඔවුන්ට ඔවුන්ගේ ජනතාව වටින නිසා. ඒත් අපි...!!!
කොහොමත් දේශීය පොල්තෙල් ව්‍යාපාරිකයන්ගේ සංගමය කියනකල් මිනිස්සු තියා ශ්‍රීලංකා ප්‍රමිති ආයතනයවත් දැනගෙන හිටියේ නැනේ ඔහොම එකක් .උන්නැහලත් කිව්වේ "එහෙම දෙයක් දනනෑ බලල කියන්නම්: කියලනේ මුලින් .නිකන් ලකුණු දා ගන්න එපා පච ඇරලා අපේ ආණ්ඩුව අපේ ආණ්ඩුව කියල.
ස්තුතිය ‘සර්', දැනුවත් කළාට.. අපි මොනවා හරි කරන්න බලන්නම්...