(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහීක වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් මැතිසබයේ නිවාඩු අනුමත කළ නොහැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (6)පැවැසීය.
කතානායකවරයා මෙසේ ද කීය.
මම කටයුතු කරන්නේ නීතියට අනුවයි. එතුමා වෙනුවෙන් නිවාඩු අනුමත කරන්න මට මේ මොහොතේ බැහැ. නඩු තීන්දුව මට තවම ලැබිලත් නැහැ. අධිකරණ තීන්දුවලට අපට බලපෑම් රක්න බැහැ.
රන්ජන් රාමනායක මන්ත්‍රිවරයාට මාස තුනක නිවාඩුවක් දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කළ අවස්ථාවේදී කතානායක වරයා එසේ පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රංජන් ප්‍රසිද්ධියේ මිනී මැරුවා නම් පාර්ලිමේන්තු එක්කගෙන එන්න තිබුණා. එහෙම නැතිනම් නිවාඩු දෙන්න තිබුණා.
ඔවුන් පෙනී සිටියේ ඔබගේ සහෘදයන් මෙනි. 'නියමයි රංජන් අයියා' කියමින් ඔවුන් ඔබව 'ෆෝම්' කළා පමණි. සැබෑ ජීවිතයේදී දුදනන් සහ මිතුරන්ගේ වෙනස ඔබ වටහා ගත්තේ නැත...
මිනී මැරුම් චෝදනාවකට එල්ලුම් ගස් ගිය කෙනෙකුට පාර්ලිමේන්තු එන්න ඉඩදෙන්න කිසිම ප්‍රශ්නයක් නෑ නේද කතානායකතුමනිෙ? මාර වැඩක් පාර්ලිමේන්තුවටත් වුනේ.
මේ වගේ කමකට නැති කතානායකවරයෙක් ඔය දැක්කමයි. සමහර විට මොලේ උඩ වෙන්නැති ඉන්නේ...
රටේ නීතිය ගැන කණගාටුයි.
නියමයි! අන්න එහෙම තීරණ ගන්න.
න්ජන් රාමනායක මහතා වෙනුවෙන් මැතිසබයේ නිවාඩු අනුමත කළ නොහැකි බව උඩින් දැනුම් දුන්නද?