(ඩයනා උදයංගනී)
පිළිකාකාරක අඩංගු ආහාර තවත් ඇති බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්යක්ෂ ජනරාල්, ආචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මිය කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් සොයාබැලීමක් කරන බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
දේශීය සමාගම් කඩා වැටෙන නිසා ඒවා හෙළිකළ නොහැකි බවට ඇය කළ ප්‍රකාශය රජය අනුමත නොකරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
ඇගේ ප්‍රකාශය සම්බන්ධයෙන් එම ආයතනයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කර සොයාබැලීමක් කරන බව කී අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් රජයක් ලෙස ගත යුතු තීන්දු තීරණ ගන්නා බව ද කීවේය.
අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (06) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
ඇය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විටත් කතිකාවක් ඇතිව තිබෙන බව ද කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රකාශය ගැන පරීක්ෂණ කරලා සිද්ධිකාව වෙන තැනකට මාරු කරලා දායි. එහෙත් වස ගෙන ව්‍යාපාරිකයෝ ඒවා දිගටම ගේනවා. බලන්න බොරුද කියලා.
ඇත්ත කියන්න එපා කිව්වොත් නඩු තමයි. සර්ගේ ආණ්ඩුවේ කට්ටියම ෆේල්.
මට ඇහුණා කවුදෝ මෙන්න මෙහෙම කියාගෙන ගාලු පාරේ යනවා." ජාත්‍යන්තර ආයෝජන ගෙන්වා ගන්න කොච්චරක් නම් වලිකෑවද? ඔය වසවිස මුදලාලි කෙනෙක් කියලා දැන් කියන කෙනෙකුට යුදහමුදා මූලස්ථානය සින්නක්කර දෙන්න තීන්දුකලේ දවස් තුනෙන්නේ... ඉතින් ඔය වසවිස චුට්ටක් හන්දා අපි අමාරුවෙන් ගෙන්වාගත්තු අපේ ගජ මිතුරු කොටිපති වෙළෙන්දන්ට කරදරයක් කරන්නේ කොහොමද? " කවුරු කාගැන කිව්වද කියලා අපි නම් දන්නේ නෑ ඔන්න...
වස ගෙන්වන කම්පැණිවල නම් එළිවෙන්න දෙන්නේ නැහැ. ඉක්මණට ඒක යට ගහනවා. සිද්ධිය වෙන පැත්තකට හරවනවා.