
(නිමල කොඩිතුවක්කු)
රට තුළ සිදුවන වන සංහාරයට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් කොළඹ තුම්මුල්ල මංසන්ධියේ දී අද(06) දැවැන්ත විරෝධතාවයක් පැවති අතර විරෝධතාව අතරතුර එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත කාර්යාලය වෙත සංදේශයක් භාර දීමට ද පිරිස කටයුතු කළේය.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, උපනායක අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම විරෝධතාවය සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු විශාල ජනතා සහභාගීත්වයක් ඇතිව සිදු කෙරිණ.
‘‘මතු පරපුරේ හුස්ම රැකගන්නට වන විනාශයට එරෙහිව හඬ නගන්නට” තේමාවෙන් විරෝධතාවය සංවිධාන කර තිබිණ. පෙරවරු 10.00 ට පමණ කොළඹ තුන්මුල්ල මංසන්ධියට රැස්වූ විරෝධතාකරුවේ විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් පැයකට අධික කාලයක් විරෝධතාවයේ නිරත වූහ.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකම් නගරෙට වෙලා බොරු සෝබන විරෝධතා පවත්වන්නේ නැතිව, ඈත ගම් වලට ගොස් දිනපතා වල් අලින්ගෙන් ගම්මුන්ට සිදුවන පහර දීම් නවත් වන්නට යම් දෙයක් කළොත් හොඳයි...
කෝ රනිල් ලොක්කා හැන්ගිලාද? විශාල සෙනඟ, ජන ගංගා.
අනේ සෝමාලියාවට පාං වගේ ඇති මේ අයට විනෝද වෙන්න.
විල්පත්තුව කපනකොට මෙයා කොහෙද හිටියේ...?
ඒ කාලෙත් ඕක කලා නම් විල්පත්තුවේ අක්කර දහස් ගණනක් බේරා ගන්න තිබුනා.
ඔයාලා පාරට වැටුණේ ගිය මැතිවරණයෙන් නේද?
දැනුයි නින්දෙන් ඇහැරලා තියෙන්නේ. බොරු කෝලම්.
විල්පත්තුව කපනකම් බලාගෙන හිටපු මේ අය දැන් බොරුවට කෑ ගසනවා විනා විනාශ කරනවා කියලා. විකාර...