
(යොහාන් භාසුර)
‘ඇෆ්ලටොක්සීන්’ නැමැති පිළිකා කාරක අඩංගු පොත්තෙල් යැයි හ`දුනාගත් පොල්තෙල් තොගයෙන් පොල්තෙල් කන්ටේනර් හයක් මැලේසියාවට හරවා යැවීම සඳහා කොළඹ වරායේ ස්ථානගතකර තිබුණි.
එම කන්ටේනර් රේගු නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ වරායේ එස්.ඒ.ජී.ටී පර්යන්තයෙන් නැව්ගත කිරීමට නියමිතය.
මෙම පොල්තෙල් කන්ටේනර් කටාන ප‍්‍රදේශයේ පෞද්ගලික සමාගමට අයිති බව රේගු නිලධාරියකු පැවසීය.
ප‍්‍රති අපනයනය කරන මෙම පොල්තෙල් තොගය ශ්‍රී ලංකා ප‍්‍රමිති ආයතන, සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්‍ෂණ ඒකකය සහ කාර්මික තාක්‍ෂණ ආයතනය යන ආයතන තුනේම තත්ත්ව පරීක්‍ෂාවේදී පිළිකා කාරක අඩංගු බවට තහවුරු වී තිබේ.
ඡායාරූපය රොමේෂ් ධනුෂ්ක සිල්වා




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර කාලයක් " චුට්ට චුට්ට වස" එක්ක කාපු පොල්තෙල් සහ අර අනුරාධපුර පැත්තෙන් එහෙම අහුඋන පොල්තෙල් ප්‍රති අපනයනය කරන්න වැඩපිළිවෙලක් තියෙනවද? " සීල් තියපු කන්ටේනර් පරෙස්සම් කරන්න බාරදුන්නා වගේ ගෙනාපු අයටමද දන්නේ නැහැ " ප්‍රති අපනයනය" කරන එකත් බාර කරන්නේ.