(තිළිණි ද සිල්වා )
විදෙස්ගතව සිට මෙරටට පැමිණීනෙන ශ්‍රී ලාංකිකයින් ඒ සදහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගත යුතු බවට මෙතෙක් පැවති නීතිය ඉවත් කිරීමට රජය ඊයේ (06) තීරණය කර ඇත.
ඒ අනුව ඊයේ (06) සිට බලපැවැත්වෙන පරිදි අදාළ අවසර ලබා ගැනීම අහෝසි කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක බාලසුබ්‍රමනියම් කාන්දීපන් මහතා ලංකාදීපයට පැවසීය.
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඉකුත් වසරේ මාර්තු 16 වැනිදා සිට මෙරට ගුවන් තොටුපොළ වල් වසා දැමීමට රජය තීරණය කළදා පටන් වසරකට ආසන්න කාලයක් තිස්සේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයෙකු හෝ , විදේශිකයෙකු මෙරටට පැමිණීමේදී විදේශ අමාත්‍යාංශයෙන් අවසර ලබා ගත යුතු බවට රජය තීරණය කර තිබිණි.
නමුත් විදේශයන්හි සිට මෙරටට පැමිණෙන ලාංකිකයින් මුහුණ පාන ගැටලු හා අපහසුතා සැලකිල්ලට ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම තීරණය තවදුරටත් ක්‍රියාත්මක වීම අත්හිටුවූ බව ද කාන්දීපන් මහතා වැඩිදුරටත් කීය.
විදෙස්ගත ලාංකිකයින්ට අමතරව විදේශීය නාවිකයින් වරායන් හෝ ගුවන් මගින් මෙරටට පැමිණීමේදී විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් හා සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් අවසර ලබා ගත යුතු බවට පනවා තීබූ තීරණයද අහෝසි කළ බවද හෙතෙම වැඩිදුරටත් කීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්වා මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කලාට චක්‍රලේඛ අදාළ අයට යවන්න අඩුම තරමේ මාසයක්වත් යාවි.
අශ්වයා ගිය පසුව ස්ථාලය වැසීමකි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කරපු දෙයක් නොවේ. රටේ මිනිස්සුන්ට ගෙදර ඉන්න නොදී ඉඳීමෙන් මානව හිමිකම් කඩවන බව පේන්නේ දැන් වෙන්න ඇති. මානව හිමිකම් ඡන්ද පරාද වුණාට පස්සේ. ලෝකයේ අනෙක් රටවල් කිසි එකක මෙවැනි විගඩම් නැහැ. PCR නෙගටිව් නම් ගෙදර. ලංකාව විතරක් හෝටල් මාෆියාව හරහා ගේනවා.
එසේ වෙනවා නම් එය රටවිරුවන් වන අපට හොඳ ආරංචියක් . නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ටිකට් සාදන ගුවන් ගමන් ආයතනවලින් පීසීආර් වලට මුදල් යොමුකර රිසිට්පත් ඉල්ලා සිටීම. හෝටල් වල නිරෝධානය සඳහා කැමැත්ත ප්‍රකාශ කර අත්සන් ගැනීම. පිසීආර් පරීක්ෂණ වාර්තාව ඉල්ලා සිටීම. ආදිය කරුණු තවමත් ක්‍රියාත්මකයි ... මේ පිළිබඳව ගුවන් ගමන් ආයතන දැනුවත් කරන්නේ නම් අපට තවත් පහසුයි .