වලංගු බලපත්‍රයක් නැතිව ආසන 53ක බස් රථයක් ධාවනය කළ බව කියන 15 හැවිරිදි පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව මිද්දෙණිය පොලිසිය කියයි.
තම පියාට අයත් බව කියන බස් රථය සිය නිවසේ සිට මිද්දෙණිය නගරය දෙසට ධාවනය කරද්දී මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි බාල වයස්කාර දරුවාට මේ ආකාරයෙන් අනාරක්ෂිත ලෙස බස් රථයක් ධාවනයට ඉඩදීම සම්බන්ධයෙන් බස් රථයේ හිමිකරු බව කියන සැකකාරුගේ පියා ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ද පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බසයක් පැදවීම සම්පූර්ණයෙන්ම වැරදියි.. මොන්ටේරෝ, ලෑන්ඩ්රෝවර් වගේ නම් සලකා බලන්න තිබුණා..