(තිළිණි ද සිල්වා)
කොවිඩ් ගෝලීය වසංගත තත්ත්වය පාලනය වීමෙන් පසු මේවන විට ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම් 11 ක් ශ්‍රී ලංකාව සමග යළි සෘජු ගුවන් ගමන් සේවා ආරම්භ කර ඇතැයි සංචාරක අමාත්‍යාංශ්‍ය කියයි.
කොවිඩ් ගෝලීය වසංගත තත්ත්වය ඇති වීමට පෙර (2019-2020 කාලයේ) ගුවන් සේවා සමාගම් 35ක් ශ්‍රී ලංකාව සමඟ සෘජු ගුවන් ගමන් සේවා පවත්වා ගෙන ගොස් ඇති අතර දැනට ලංකාවට සෘජු ගුවන් ගමන් සේවා සපයනුයේ කටාර් රාජ්‍යයේ කටාර් එයාර්වේස් සමාගමල ඩුබායි සිට එමිරේට්ස් සහ එටිහාඩ් ගුවන් සමාගම් ,තුර්කියේ ටර්කිෂ් එයාර්ලයින්ස් ගුවන් සමාගමල කුවේටයේ සිට කුවේට් එයාර්වේස් ගුවන් සමාගමල සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සමාගමල චීනයේ සිට චයිනා ඊස්ටර්න් ගුවන් සමාගම යුක්රේනයේ යුක්රේන් ගුවන් සමාගම හා ස්කයිඅප් ගුවන් සමාගමල කසකස්තානයේ එයාර් අස්තානා ගුවන් සමාගම සහ ඕමානයේ ඕමාන් එයාර්ලයින්ස් යන ගුවන් සමාගම් යැයි ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd