මාස 18කට ළමා අපයෝජන දොළොස් දහසක් ළමා අපයෝජන සම්බන්ධයෙන්වු පැමිණිලි දොළොස් දහස් එකසිය හැට පහක්(12,165) පසුගිය වසර එක හමාරේදී ලැබී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පවසයි. 06 July 2021
පළාත් කීපයකට අදත් වැසි බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වල අද (6) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 06 July 2021
නිරෝධායන නීති යටතේ 343 අල්ලයි නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවු පැය 24 තුළ පුද්ගලයන් 343දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 06 July 2021
15 දැරිය මුදලට ගත් විශේෂඥ වෛද්‍යවරයෙක් මාට්ටු 15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව හෘද රෝග විශේෂඥ වෛද්‍ය වරයකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 06 July 2021
දිස්ත්‍රික් තුනක ගම් තුනක් වහයි කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් අද (06) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 3 කට අයත් තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 06 July 2021
සුරුට්ටු ඇද්ද ජේලර්ට වැඩ වරදින ලකුණු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළට රුපියල් ලක්ෂ දෙකක පමණ වෙළෙඳපොළ වටිනාකමින් යුත් සුරුට්ටු තොගයක් රැගෙන ගියේ යැයි කියන බන්ධනාගාර ජේලර්වරයකු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය. 05 July 2021
බ්‍රැන්ඩික්ස් කොරෝනා විමර්ශන අවසන් කරයි මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර හේතුවෙන් මනුෂ්‍ය ජීවිතයට අනතුරක් සිදු වූ බවට සාක්ෂි මඟින් අනවරණය නොවන බවට සඳහන් නීතිපති උපදෙස් ප්‍රකාරව එම නඩුව අවසන් කිරීමට මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් කේසර.ඩී.ඒ. සමරදිවාකර මහතා අද තීරණය කළේය. 05 July 2021
මාතර ප්‍රා.මන්ත්‍රීවරයෙක්ට කොරෝනා මාතර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළුව මන්ත්‍රීවරුන් ස්වයං නීරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ අද (05) පියවර ගත්තේය. 05 July 2021
15 දැරිය අපයෝජනය කළ මාලදිවයින් රාජ්‍ය ඇමැතිත් රිමාන්ඩ් අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කර ලිංගික කටයුතුවල යෙදවූ බාලවයස්කාර රූමත් දැරියට ලිංගික අතවර කළැයි ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයකු ඇතුළු මෙරට සැකකරුවන් සිව් දෙනකු ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද නියෝග කළාය. 05 July 2021
ඇමැති - සෞඛ්‍ය සේවක සාකච්ඡා අසාර්ථකයි සෞඛ්‍ය ඇමැතිවරිය සමඟ පැවැත් වූ සකච්ඡා අසාර්ථක හෙයින් වැඩවර්ජනය අඛණ්ඩව සිදු කරන බව පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්වලට අයත් වෘත්තීය සමිති නායකයෝ පවසති. 05 July 2021
‘‘මුතුරාජවෙලට අත තියන්න එන්න එපා‘‘ මුතුරාජවෙල තෙත් බිමෙහි අක්කර 100කට වැඩි ප්‍රමාණයක් ගොඩකර එහි ද්‍රවීකෘත ස්වභාවික වායු (එල්.එන්.ජී) බලාගාරයක් ඉදිකිරීමට රජය සැලසුම් කර ඇති බවත්, එවැනි පරිසර විනාශයකට කිසිවිටෙකත් ඉඩනොදෙන බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 05 July 2021
සීදූව ප්‍රා.මන්ත්‍රිනියට පහරදී ඇඳුම් ඉරා දමලා සීදුව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී ශාම් නිලූකා සිල්වා මහත්මියට පිරිමි පුද්ගලයන් තිදෙනකු මහමගදී පහරදුන් බව කියමින් එක්සත් ලක්වනිතා පෙරමුණ පොලිස් මූලස්ථානයට අද (5) පැමිණිලි කළේය. 05 July 2021
අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙළෙඳ කලාපයට ’කොවිඩ්’ මර්දන එන්නත්කරණයත් සමඟ ආයෝජන ප්‍රවර්ධන කලාප තුළ කොවිඩ් පැතිරීමේ අඩුවක් පෙනෙන්නේ යැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා පවසයි. 05 July 2021
බැසිල් අනිද්දා පාර්ලිමේන්තු ඒම ස්ථිරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් අනිද්දා(08) දිවුරුම් දීම ස්ථිර බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. 05 July 2021
කොරෝනා මරණ 32ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 32 දෙනකු ඊයේ (4) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (5) තහවුරු කළේය. 05 July 2021
’’රට වහගෙන ආර්ථිකය ඉදිරියට ගෙනියන්න බෑ’’ ඉක්මනින්ම රට විවෘත නොකළහොත් ආර්ථිකය ඉදිරියට ගෙන යෑමට නොහැකි වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 05 July 2021
‘‘එතෙර සංචාරකයන් 14,000කින් කොරෝනා වැළඳුනේ 183කට පමණයි‘‘ මේ වසරේ මුල් මාස හයේදී මෙරටට පැමිණි විදෙස් සංචාරකයන් 17,469 දෙනා අතරින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වී ඇත්තේ සංචාරකයින් 183 දෙනකු පමණක් යැයිද සංචාරක අමාත්‍යාංශය පවසයි. 05 July 2021
සංඥා නැති සිසුන්ට අලුත් ක්‍රමයකට අධ්‍යාපනය දෙයි මාර්ගගත ක්‍රමය යටතේ අධ්‍යාපනය කටයුතුවල නිරතවීමට නොහැකි සිසු දරුවන් පාසල් වෙත ගෙන්වා ඉගැන්වීමේ කටයුතු ආරම්භ කළ බව ගම්පහ කලාප අධ්‍යාපන අධ්යක්ෂ එස්.කේ. මල්ලවආරච්චි මහතා පවසයි. 05 July 2021
සේවක වර්ජනයෙන් රෝහල් රැසක සේවා අඩාලයි සෞඛ්‍ය සේවාවට අයත් වෘත්තීන් 14ක් සහ කණිෂ්ඨ කර්ය මණ්ඩල ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය හේතුවෙන් රටපුරා රෝහල් රැසකම රෝගී සත්කාර සේවා අද මුළුමනින්ම බිඳ වැටී තිබිණි. 05 July 2021
ගුවන් සමාගමේ ප්‍රධානීහු හෙට කෝප් කමිටුවට කැදවෙති ශ්‍රීලංකන් ගුවන් සේවය ඇතුළු ප්‍රධාන ආයතන තුනක ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප්) මේ සතියේ කැඳවීමට තීරණය කර ඇතැයි එම කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය. 05 July 2021
අ‘පුරේ ගොවිහු පාරට බසිති හිටිහැටියේ රසායනික පොහොර සැපයීම නතර කිරීමට ආණ්ඩුව ගෙන තිබෙන ක්‍රියාමාර්ගයට විරෝධය පළකෙරෙන ගොවි උද්ඝෝෂණයක් අද (05) දහවල් අනුරාධපුර නගරයේදී පැවැත්විණි. 05 July 2021
ජනපතිගේ උපදෙසින් එන්නත්කරණය තවත් වේගවත් කරයි එන්නත්කරණ වැඩපිළිවෙල වේගවත් කර වැඩි පිරිසකට කොරෝනා මර්දන එන්නත ලබාදෙන්නැයි ජනාධිපතිවරයා තමාට උපදෙස් දුන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 05 July 2021
ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂට දඩ හා තහනමක් කොන්ත්‍රාත් ගිවිසුම කඩකරමින් ජනමාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විවේචනය කිරීමේ චෝදනාවට වරදකරු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂට වසරක ක්‍රිකට් තහනමක් පවනවා එය වසර දෙකකට අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (05) තීරණය කළේය. 05 July 2021
‘‘ආනයනය සීමා කිරීමට තීන්දුවක් ගෙන නෑ‘‘ ආනයනයන් තවදුරටත් සීමා කිරීමට මෙතෙක් තීන්දුවක් ගෙන නැතැයි මුදල්, ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. 05 July 2021
නිරෝධායන පාඩම් කියා දෙන්න ගිය ප්‍රා.මන්ත්‍රීට ප්‍රහාරයක් නිරෝධායන නීති කඩ නොකරන්නැයි උපදෙස් දිමට ගිය එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට පහර දීම නිසා තුවාල ලබා මීගහතැන්න රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. 05 July 2021
නුවරඑළියේ ළමා නිවාසයක ළමුන් 37 ක් සහ තවත් 45 කට කොරෝනා නුවරඑලිය නගරයේ පිහිටි ළමා නිවාසයක සිටින ළමුන් 37 දෙනෙකුට සහ එම ළමා නිවාසේ කාර්ය මණ්ඩලයේ 08 දෙනෙකු ඇතුළු 45 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට අද (05) දින තහවුරු වු බව නුවරඑලිය සෞඛය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය. 05 July 2021
ගිනිගත් නැවේ ඉටි බෝල අදත් ගල්කිස්ස වෙරළට ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටුණු ප්ලාස්ටික් ඇට සහිත මලු පහක් සහ ප්ලාස්ටික් ඇට විශාල ප්‍රමාණයක් අද (5) පස්වරුවේදී ගල්කිස්ස වෙරළ තීරයට ගොඩ ගසා තිබුණි. 05 July 2021
’’තෝර්’’ට නිව්මෝනියාව උත්සන්න වෙයි දෙහිවල සත්වෝද්‍යානයේ සිංහ දූපතේ කොවිඩ් ආසාදනයවූ ’’තෝර්’’ නමැති කේසර පිරිමි සිංහයාගේ නිව්මෝනියා තත්ත්වය උත්සන්නවීම නිසා විශේෂ ප්‍රතිකාර යළි අරඹා ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි. 05 July 2021
15 දැරිය තවත් වෙබ් අඩවි තුනකින් අලෙවි කරලා පහළොස් හැවිරිදි බාලවයස්කර දැරියක් ලිංගික කටයුතු සදහා අලෙවි කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය අන්තර් ජාලය හරහා දැරිය අලෙවි කළ තවත් වෙබ් අඩවි 3 ක තොරතුරු හෙළිකරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 05 July 2021
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026