(ඉන්දිකා  රාමනායක)

ගජමුතු ජාවාරමක නිරත පුද්ගලයන් තිදෙනකු  ගජමුතු 10 ක් සමග    කල්මුනේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

මෙම සැකකරුවන් තිදෙනා ගජමුතු ජාවාරමක නිරත වන බවට කල්මුණේ විශේෂ කාර්ය බලකා කඳවුරට ලැබුණු තොරතුරකට අනුවග කල්මුණේ  වරිපතන්චේන අශ්රෝෆ්  රෝහල ආසන්නයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් තිදෙනා සතුව විවිධ ප්‍රමාණයන් වලින් යුතු ගජමුතු දහයක් තිබී ඇත.