(ජේ. ඒ. එල්. ජයසිංහ)

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිට පූජනීය පරිශ්‍රයේ දී අද පෙරවරුවේ ,කාවන්තිස්ස හස්තියා සිහිකර පහන් දැල්වීමට පැමිණි පිරිසක් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසිය පියවර ගත්තේය.

පරිසර සුරැකුම් හා විද්‍යා ගවේෂණ සංවිධානය නම් වූ සංවිධානයක පිරිසක් විසින් විශාල බැනරයක් ප්‍රදර්ශණය කරමින් පවත්වන්නට යෙදුණු කාවන්තිස්ස හස්ති සැමරුම සඳහා අවසර දිය නොහැකි බව පොලීසියෙන් සංවිධායකයන්ට දැනුම් දීමෙන් පසුව එම පිරිස එක්ව  එම ස්ථානයේදී මහජනතාවට විවිධ වර්ගයේ පලතුරු පැල බෙදා දීමේ වැඩ සටහනක් ඉතා සාමකාමීව පවත්වන ලදි.