
(ටී.කේ.ජී.කපිල)
එන්නත්කරණ වැඩසටහන යටතේ, ශ්‍රී ලාංකිකයන් වෙත තෙවන එන්නත් මාත්‍රාව ලෙස ලබා දීම සදහා ඇමෙරිකාවේ "ෆයිසර්" එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් අද (22) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .
ඒ අනුව කිලෝ ග්රැම් 5,055 ක් බරැති මෙම එන්නත් තොගය නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට මුලින්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර වෙත ගුවන් මගින් ගෙනැවිත් තිබුණි .
ඉන්පසුව මෙම එන්නත් ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් අද (22) අලුයම 12.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .
ගුවන් යානයෙන් එන්නත් තොගය ගොඩ බෑමෙන් පසුව කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමෙන් පසුව, ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යෑමට පියවර ගෙන තිබුණි .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd