(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

තමා ඇමැති ධුරයේ සිටින තුරු ඛනිජ තෙල් සංස්ථාව "පෞද්ගලීකරණය" වන්නේ නැතැයි බලශක්ති අමාත්‍ය  නීතිඥ උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

විදේශ මුදල් කළමනාකරණයේදී ඉන්ධන පිරිපහදු කිරීමට වඩා පිරිපහදු කරන ලද ඉන්ධන ගෙන්වීම ලාභදායී බව පැවසූ ගම්මන්පිල මහතා  විදේශ මුදල්වල ප්‍රශ්නයක් මතු වුවහොත්  තෙල් පිරිපහදුව වසා දැමීමට  සිදුවන බව තමා දැනුම් දුන්නේ  පසුගිය සැප්තැම්බර් මාසයේදී බවදබසඳහන් කළේ‍ය.

මෙහිදී අදහස් දැක්වූ හේශා විතානගේ මහතා තෙල් පිරිපහදුව සම්බන්ධයෙන් රටේ ජනතාව  තුන යම් සැකයක් මතුව ඇති හෙයින්  ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් කරන ලෙස ඉල්ලීමක් කළේය.