(නිමන්ති රණසිංහ )

රාජ්‍ය බුද්ධි සේවගේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් සිදුකරනු ලැබූ පැමිණිල්ලට අදාළව තෙවැනි දිනටත් පැය පහකට ආසන්න වේලාවක් ප්‍රකාශ ලබා දුන් ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබේ.

අද (22) පෙරවරු 9.30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි සිරිල් ගාමිණී පියතුමන් එහි විශේෂ විමර්ශන ඒකක 1හි පෙනී සිටිමින් තෙවැනි වරටත් සිය ප්‍රකාශය ලබා දීමෙන් පසුව පස්වරු 2.30ට පමණ ඉන් පිටව ගොස් ඇත .

මෙම සිද්ධියට අදාළව  සිරිල් ගාමිණී පියතුමන් මෙයට පෙර අවස්ථා දෙකකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිමින් ප්‍රකාශ ලබා දීම සිදු කළහ.