
(යොහාන් භාසුර)
රුපියල් කෝටි 58 කට අධික මුදලක් වැය කරමින් මහනුවර සිට සරසවි උයන දක්වා තනි මාර්ගයක්ව පවතින දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීම පසුගියදා ආරම්භ කළේය.
කිලෝමීටර පහක දුරකින් යුත් මෙම මාර්ගය සංවර්ධනය කිරීමේ කටයුතු ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහභාගිත්වයෙන් ආරම්භ කළේය.
මෙම මාර්ගයේ දිනකට දුම්රිය ගමන් වාර 64ක් පමණ ධාවනය කිරීමේදී දුම්රිය හරස් මාර්ග වැඩි වේලාවක් වසා තැබීම නිසා මහා මාර්ගයේ වාහන තදබදයක් ඇති වීම සහ දුම්රිය ධාවනය ප්‍රමාද වීම පිළිබඳව අවධානය යොමු කර එම දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට නවීකරණය කරන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.
මෙම මාර්ගයේ ඉදිකිරිම් අදියර දෙකකින් ක්‍රියාත්මක කරමින් පළමු අදියර මහනුවර සිට ගැටඹේ දක්වා කිලෝමීටර තුනක් ද, දෙවන අදියර ගැටඹේ සිට සරසවි උයන දුම්රිය ස්ථානය දක්වා කිලෝමීටර දෙකක් ද, ලෙස වසර දෙකකින් ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතය.
දුම්රිය මාර්ගයේ සංවර්ධනය ආරම්භ කිරීමේ අවස්ථාවට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් මොන්ටි රණතුංග සහ දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත්ම හොඳ වැඩක් .කඩු ගනනාව දක්වා ද්විත්ව මාර්ග කරන්න පුලුවන්නම් ඉස්සරහට ගොඩක් වැදගත් වෙයි
මේ වැඩේ පටන් ගත්තේ සිරිපාල කොල්ලා ඔය අමාත්‍යාංශය බාරව ඉන්න කාලේ. ගහ දන්න අයට කොල කඩන්න එපා...
අඹේපුස්ස ඉඳලා නුවරට අළුතෙන්ම පාර හදන්න සුද්දගේ කාලෙ ගිහින් තියෙන්නෙත් අවුරුදු 3යි. මේ කිලෝමීටර් 5ට අවුරුදු දෙකක්... අපේ දියුණුව..!!!
ඉතා හොඳයි.