(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ගල්ඔය වැවිලි පුද්ගලික සමාගමේ ප්‍රධානීන්  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප් කමිටුවට ) මේසතියේ කැඳවීමට තීරණය කර ඇත.

මේ අනුව  ගල්ඔය වැවිලි පුද්ගලික සමාගම හෙට (24) දිනයේත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ලබන 26 වැනිදාත්  කෝප් කමිටුව හමුවට කැදවෙනු ඇත.

මෙයට අමතරව , අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා කිහිපයක් සහ විශේෂ කාරක සභාවක්ද මේ සතියේදි රැස්වීමට නියමිතය.

තරුණ හා ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සහ  පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව හෙට (23)  රැස්වෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සහ තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව හෙට (24) රැස්වීමට නියමිතය.

වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යශයීය උපදේශක කාරක සභාව අනිද්දා (25) රැස්වීමට නියමිත අතර මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව    සහ රජයේ මුදල් කාරක සභාව ලබන 26 වැනිදා    රැස්වේ.