(කාංචන කුමාර ආරියදාස )

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ සීගිරිය, දිගම්පතහ ප්‍රදේශයේදී  අද (22) බන්ධනාගාර වෑන් රථයක් වල්  අලියෙකුගෙ ගැටීමෙන් රථය  මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ තාප්පයක ගැටීමෙන් සිදු වූ  අනතුරකින් එහි ගමන් ගත්  බන්ධනාගාර  නියාමකවරයෙකු මියගොස් ඇතැයි  සීගිරිය පොලීිසිය කියයි.

මියගොස් ඇත්තේ කොළඹ මැගසින් බන්ධනාගාරයට අනුයුක්තව රාජකාරියේ යෙදී සිටි කේ.එම්. ප්‍රියන්ත කුලතුංග පෙරේරා (44) හැවිරිදි බන්ධනාගාර නියාමකවරයෙකු බව සීගිරිය පොලිසිය කියයි.

කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිට  මඩකලපුව  බන්ධනාගාරයට රැඳවුම්කරුවෙකු රැගෙන ගොස් භාර දී නැවත කොළඹ බලා වෑන් රථය ගමන් කර ඇත.

බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකු සහ රියදුරු වෑන් රියෙහි  සිට ඇත.

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේදී  අද අලුයම මාර්ගය හරහා අසල සිටි වනඅලියෙකු හැපිපෙන් වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ සිමෙන්ති ගඩොල් සහිත තාප්පයක ගැටීමෙන් අනතුර සිදුවී ඇතැයි සීගිරිය පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ ඉදිරි අසුනේ වාඩිවී ගමන්ග බන්ධනාගාර නියාමකවරයා බවත් සෙසු බන්ධනාගාර  නියාමකවරයා සහ රියදුරු තුවාල නොලබා ඇති බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

 දිගම්පතහ  ප්‍රදේශ‍යේ නිරන්තරයෙන් වන අලින් ප්‍රධාන මාර්ගයේ ගැවසීම නිසා අනතුරුු රැසක් පසුගිය කාලයේ ද සිදු වූ බව සීගිරිය පොලීිසිය කියයි.

අනතුරින් පසුව ප්‍රදේශ්වාසීන්ගේ සහයෝගය ඇතිව   රථයේ සිරවී සිටි බන්ධනාගාර නියාමකවරයා දඹුල්ල මූලික රෝහලට රැගෙන එන විටත් මිය ගොස් තිබුණු බව දඹුල්ල රෝහල් පොලීසියේ ප්‍රකාශකයෙකු පැවසීය.

මියගිය බන්ධනාගාර  නියාමකවරයා ගේ සිරුර දඹුල්ල මූලික රෝහල තැන්පත් කොට ඇති අතර ඒ පිළිබඳව වැඩි වැඩිදුර පරීක්ෂණ සීගිරිය පොලිසිය විසින් සිදු කරනු ලබයි.