’ලැම්බ්ඩා’ විකෘතිය ’ඩෙල්ටා’ ට වඩා බිහිසුණුයි ලොව රටවල් සියයකට වඩා ව්‍යාප්තවී ඇති ’කොවිඩ් 19’ ඩෙල්ටා විකෘතියට වඩා ’ලැම්බ්ඩා’ විකෘතිය බිහිසුණු බවත්, එන්නත්වලින් පවා එය මට්ටු කළ නොහැකි බවත් මැලේසියානු සෞඛ්‍ය අමාත්‍ය ඇඩ්හම් බාබා අනතුරු අඟවයි. 07 July 2021
එන්ගලන්ත එක්දින ක්‍රිකට් කණ්ඩායමේ 7කට කොරෝනා ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ එංගලන්ත එක්දින ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ඇතුළු සාමාජිකයන් හත් දෙනෙකුට ‘කොවිඩ්’ ආසාදනය වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. 07 July 2021
කැටගොඩගේ ඉවත්වීම කතානායක මැතිසබයට දන්වයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා එම මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද(7) පෙරවරුවේ දැනුම් දුන්නේය . 07 July 2021
ලංගම වන්දි ගෙවීම යළි අරඹයි කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය කාලය තුළ තාවකාලිකව නතර කර තිබූ ජනතා සන්තක බස් සමාගම්වල සේවා නියුක්තව සිටි කොටස් හිමියන් සඳහා වන්දි මුදල් ගෙවීම යළි ආරම්භ කර ඇති බව ශ්‍රීලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසයි. 07 July 2021
සමන්ත විද්‍යාරත්න-නාමල් කරුණාරත්න අත්අඩංගුවට නිරෝධායන නීති උල්ලංඝණය කරමින් බොරලන්ද ප්‍රදේශයේදී පසුගිය 1 වැනිදා උද්ඝෝෂණයක් කළේ යැයි චෝදනාවට ජනතා විමුක්ති පෙරමුණේ ක්රියාකාරිකයන් වන සමන්ත විද්‍යාරත්න සහ නාමල් කරුණාරත්න යන මහත්වරු අත්අඩංගුවට අද (7) ගත් බව පොලිසිය පවසයි. 07 July 2021
දිලිප් කුමාර් සමුගනී ප්‍රවීණ මෙන්ම සම්මානනීය බොලිවුඩ් නළු දිලිප් කුමාර් අද (7) උදෑසන මෙලොවින් සමුගත්තේය. ඔහුගේ වයස 98 කි. 07 July 2021
ක්‍රිකට් ක්‍රීඩකයෝ වාර්ෂික ගිවිසුමට අත්සන් තබති ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන වාර්ෂික ගිවිසුමට ඇතුළත් ක්‍රීඩකයන් 24 දෙනාම අද (07) පෙරවරු 8 ට පෙර ගිවිසුමට අත්සන් තැබූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය. 07 July 2021
අද දවසේ කාලගුණය බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වල අද (7) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 07 July 2021
චීන සමුළුවට එජාපයත් එක් වෙයි චීන කොමියුනිස්ට් පක්ෂයට අවුරුදු 100 ක් පිරීම නිමිත්තේ සංවිධාන කර තිබු ලෝක දේශපාලන පක්ෂ සමුළුවට (’’CPC and World Political Parties Summit’’) එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය. 07 July 2021
වැසූ ගම් දෙකක් අරි ප්‍රදේශ කිහිපයක් අද (07) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා බවින් මුදාහැරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය . 07 July 2021
නිරෝධායනය කැඩූ තවත් 322ක් පොලිස් දැලේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 322 දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 07 July 2021
’’ඩෙල්ටා රෝගීන් දහස් ගණනක් රටේ ඉන්න පුළුවන් ’’ ඩෙල්ටා සැර කොරෝනා ආසාදිතයන් දහස් ගණනක් රටේ සිටිය හැකි යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. 07 July 2021
‘‘කෝවිඩි ආසාදිතයන් 100කින් දෙකක් මිය යා හැකියි‘‘ කොවිඩ් රෝගය ආසාදනයවන 100 දෙනකුගෙන් පස් දෙනකුම අසාධ්‍යවීමේ ප්‍රවණතාවක් ඉදිරි සතියේදී ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවැසුවාය . 07 July 2021
කතරගම වෙඩි තැබීමක් අයෙක් මරුට කතරගම නගරය ආසන්නයේදී සිදු වූ වෙඩි තැබීමකින් සිවු දරු පියකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 07 July 2021
වීරකැටියේ තරුණයන් දෙදෙනකුගේ සිරුරු වැවකින් හමුවෙයි වීරකැටිය ගජනායකගම බෝගමුව වැවට මාළු බෑම සදහා ගිය තරුණයන් දෙදෙනකු මිය ගොස් සිටියදි අද සොයා ගත් බව පොලිසිය කියයි. 06 July 2021
ගිනිගත් නැවේන් පාවි ආ ඇට මලු 20ක් ඉවතට ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් අඟුලාන වෙරළ තීරයට ඉකුත් දිනවල ගොඩ ගැසූ ප්ලාස්ටික් ඇට විශේෂය ඉවත් කර වෙරළ තීරය පිරිසිදු කිරීම ගුවන් හමුදාවේ නිලධාරින්ගේ මැදිහත්වීමෙන් අද සිදුකෙරිණි. 06 July 2021
වෛද්‍ය සංගමයෙන් අනතුරු ඇඟවීමක් හෙද ඉල්ලීම් ජාතික වැටුප් කොමිසමට යොමුකර ජාතික වැටුප් ප්රතිපත්තියමත තීන්දු තීරණ ගත යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. 06 July 2021
’’සෙලන්දිවා ගැන අගමැති රටට කරුණු කිව යුතුයි’’ කොළඹ නගරයේ දේපොළ කීපයක අයිතිය පැවරීමට යන බව කියන සෙලන්දිවා ආයතනය ගැන කරුණු කිසිවක් රටට හෙළි කර නැති හෙයින් ඒ පිළිබඳව අගමැතිවරයා පාර්ලිමේන්තුවට විස්තරයක් කළ යුතුව ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය. 06 July 2021
මත් ජාවාරම්කරුගේ ඥාතීන්ගේ ප්‍රහාරයකින් සැරයන් රෝහලේ බොරැල්ල සහස්පුර හල්ගහකුඹුර ප්‍රදේශයේ මත්කඩු ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් නිලධාරීන් සිදුකළ මෙහෙයුමේ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ඥාතීන් එල්ල කළ ප්‍රහාරයකින් පොලිස් සැරයන්වරයකු කැපුම් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි. 06 July 2021
මහින්ද සමරසිංහට මැතිසබයෙන් මාස තුනක නිවාඩුවක් කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතාට මාස 3 ක නිවාඩුවක් ලබාදීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අද (6) සම්මත විය. 06 July 2021
පෙට්‍රල් හිඟයක් ඇතිවන්නේ නැහැ මෙරට පෙට්‍රල් හිඟයක් ඇතිවීමේ අවදානමක් නැතැයි බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. 06 July 2021
දෑත් විසබීජහරණයට යුද හමුදාවෙන් යන්ත්‍රයක් පුද්ගලයන් 600 දෙනෙකුගේ දෑත් විෂබීජ හරණය කිරීමේ හැකියාව ඇති යුද හමුදාව විසින් නිශ්පාදිත විෂබීජ හරණය කිරීමේ ස්වයංක්‍රීය යන්ත්‍රයක් යුද හමුදාව විසින් අද (6) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත හදුන්වා දෙන ලදි. 06 July 2021
මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ කළුරිය කරයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා අද (6) අභාවප්‍රාප්ත විය. 06 July 2021
වෙබ් අඩවි ගැන අහන්න විදුලි සංදේශ කොමිසමේ අධ්යක්ෂ ජනරාල් උසාවි කැදවයි බාලවයස්කාර දැරිය අළෙවි කිරීමට යොදා ගත් වෙබ් අඩවිය සහ එවැනි අනර්ථකාරී වෙබ් අඩවි සම්බන්ධයෙන් විදුලි සංදේශ කොමිසම ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අධිකරණය දැනුවත් කිරීම සඳහා ලබන 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (06) එහි අධ්යක්ෂ ජනරාල් ඔෂද ගුණතිලක මහතාට නියෝගයක් නිකුත් කළාය. 06 July 2021
ගොවීන්ට කාබනික පොහොර නිෂ්පාදනයට රුපියල් 12,500ක් සෑම ගොවියෙකුට ම කාබනික පොහොර නිෂ්පාදනය සඳහා හෙක්ටයාරයකට රුපියල් 12,500 ක් බැගින් ගෙවීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය. 06 July 2021
ලංකාව ඇතුළු රටවල් 3 මගීන් රැගෙන යාම ’’එමිරේට්ස්’’ අත්හිටුවයි ශ්‍රී ලංකාව ඇතුළු රටවල් තුනක ගුවන් මගීන් රැගෙනයාම තාවකාලිකව අත්හිටුවීමට එමිරේට්ස් ගුවන් සේවය තීරණය කර ඇත. 06 July 2021
කොවිඩ් මරණ 3,300 ඉක්මවයි කොවිඩ් ආසාදිතවූ තවත් 45දෙනකු ඊයේ (5) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (6) තහවුරු කළේය. 06 July 2021
කොතලාවල විශ්ව විද්‍යාල පනත අනිද්දා විවාදයට ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී හෙට(8)විවාදයට ගැනීමට නියමිතය. 06 July 2021
පොදු රැස්වීම් උද්ඝෝෂණ නැවත දැනුම්දෙන තුරු තහනම් කොරෝනා අවදානමක් ඇති කරවමින් මහජනයා වැඩි වශයෙන් ඒකරාශිවන පොදු රැස්වීම්, උද්ඝෝෂණ , වැනි ක්‍රියාකාරකම් නැවත දැනුම් දෙනතුරු තහනම් කර ඇති බව පොලිස් මුලස්ථානය දැනුම් පවසයි. 06 July 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 650ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 650 දෙනෙක් අද (6) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 06 July 2021
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026