
(යොහාන් භාසුර)
ලංකා ගමනා ගමන මණ්ඩලයේ (ලංගම) සේවකයන්ට රුපියල් 30,000 කඩිනම් ප්‍රසාද දීමනාවක් ලබාදීමට මැදිහත් වන ලෙස සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
ලංගම සේවකයන් ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් නොමැතිව වුවද ‘කොවිඩ්’ ව්‍යාප්තිය කාලයේ ද ජීවිත අවදානම ද නොතකා සේවය කළ බවත් ලංගම සේවයන්ට ප්‍රසාද දීමනාවක් ලෙස රුපියල් 15000 ක් සහ පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා නැවත ගෙවීමේ පදනම මත රුපියල් 15000 ක් ලෙස මෙම දීමනාව ලබාදෙන ලෙසත් එම ලිපියෙන් ඉල්ලා තිබේ.
එම සංගමයේ ඉල්ලීම මත පසුගිය වසරේ රුපියල් 23,500 ක මුදලක් ලබා දුන්න ද වර්තමාන ආර්ථික අර්බුදය පිළිබඳව අවධානය යොමු කර මෙවර කිසිඳු වර්ගීකරණයකින් තොරව රුපියල් 30,000 ක සම්පූර්ණ මුදල සියලුම ලංගම සේවකයන්ට ලබාදීමට කටයුතු කරන ලෙස ද වැඩි දුරටත් ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංගමේ දුවන්න පුලුවන් බස් කීයක් තියනවද ? ජනතා මුදලින් බොනස් ඔනිනම් හම්බකරගනන කියන්න පාඩු පිට දුවලා බෝනස් දෙන ලොක්යේ ඒකම රට ලංකාව වෙන්න ඔනි
ලංකාවට කවදාවත් ගොඩ එන්න බැරි දේශපාකයින්ගේ හොර කම් සහ සියලුම රජයේ සේවකයන්ගේ හොරකම් සහ නොපනත් කම් නිසා. ලෙඩ වෙලා පණ අදින අම්මගෙන් බොන්න කිරි ඉල්ලනව මේ මිනිසුන්
ලංගම ලාභ ද ? නැතිනම් අලාභ කරන්නේ මගී ජනතාව ද ? ලාභ නම්, දෙන්න නැතිනම් ලොක්කොයි, සොක්කොයි ,ඔක්කොම එකතුවෙලා ලාභ කරලා පෙන්වල ඒවායින් ගන්න කියන්න. හැමෝටම පිස්සු කෙල්ල ,හොරා කාල තෙල් ටික දියවෙන්න බදු සල්ලි, අච්චු ගහපු වගෙනුයි මෙයාලට පාරිතෝෂිත දෙන්න ඕනෙත් රජය.
පාඩු පිට දුවන ආයතන වලට මොන රටේද බෝනස් ගෙවන්නේ?
ලංගම වැඩ නැතුව වහලා තිබ්බ නිසා වෙන්න ඇති බෝනස් ඉල්ලන්නේ. ලංගම ගොයියනේ බෝනස් දෙන්නේ ආතනයකට ලාබ වුණාම මිස පාඩු වුණාම නොවෙයි.
කොහෙද බස් දිව්වේ..?