
(තිළිණි ද සිල්වා)
විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ විද්‍යුත් ලේඛන සත්‍යාපනය කිරීමේ පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන්, අද (22) සිට නැවත දැනුම් දෙන තුරු කොන්සියුලර් අංශයේ අදාළ සේවා ලබා ගත හැක්කේ 150 දෙනෙකු සදහා පමණක් යැයි එම අමාත්‍යාංශය කියා සිටී.
මෙම ගැටළු නිරාකරණය කිරීම සඳහා අමාත්‍යාංශයේ තාක්ෂණික කණ්ඩායමක් මේ වන විට කටයුතු කරමින් සිටින අතර එබැවින් මෙම තත්ත්වය යටතේ එය නැවත සකසන තෙක් සේවා ලබාදිය හැක්කේ පුද්ගලයන් 150 දෙනෙකු සඳහා පමණක් බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරයි.
පසුගිය සතිය තුළ ඇති වූ මෙම පද්ධති බිදවැටීම නිසා සහතික කිරීමේ සේවා අඩාල වූ අතර සේවා සැපයීමේ දී දිගු ප්‍රමාදයක් ඇති වූබවද විදේශ අමාත්‍යාංශ කොන්සියුලර් අංශය කියා සිටී. සාමාන්‍යයෙන් දෛනිකව 1000කට වැඩි පිරිසක් උප්පැන්න, විවාහ සහතික, අධයාපන සහතික ඇතුළු විවිධ ලියකිවිලි සහතික කර ගැනීමේ සේවා සදහා විදේශ අමාත්‍යාංශ කොන්සියුලර් අංශයට පැමිණෙති.
මීට අමතරව ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවල සහ විදේශයන් හි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ශාඛා ලේඛන සත්‍යාපනය කිරීමේ පද්ධතියට ද බලපෑම් එල්ල වී ඇති අතර මේ හේතුවෙන් මහජනතාවට සිදු වූ අපහසුතාවය පිළිබඳව විදේශ අමාත්‍යාංශය සිය කනගාටුව පළ කර සිටියි.
මෙම ගැටළු නිරාකරණය කිරීමෙන් අනතුරුව සහතික/ලේඛන සත්‍යාපනය කිරීම සම්බන්ධයෙන් වන සාමාන්‍ය සේවා අඛණ්ඩව සලසා දීමට හැකි වන බවත්, පද්ධති නඩත්තුව අවසන් වූ වහාම යාවත්කාලීන කිරීම් පිළිබඳව මහජනතාව දැනුම්වත් කරන බවද එම අමාත්‍යාංශය කියා සිටී.
මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා දූරකතන අංක 011 2338812 හෝ [email protected] යන විද්‍යුත් ලිපිනය ඔස්සේ කොන්සියුලර් කටයුතු අංශය සමඟ සම්බන්ධ විය හැකි බව ද විදේශ අමාත්‍යාංශය පෙන්වා දේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් ප්රශස්ත මහජන සේවාවක්. දරාගන්න බැරි තරම් ජන ගඟක් එන විට පරිගණක පද්ධතිය අක්‍රිය වූ බව අඟවා ඔවුන් ආපසු හරවා යවන්න.
හැම තැනම බැරියාව. නරකද ආර් එම් වී එක පැත්තෙ ගියා වගේ විසිට් එකක් දාන්න. හැබැයි මතක ඇතුව හෙල්මට් එකක් දාගෙන. හොඳද?