ත්‍රිවිද හමුදාව එන්නත් කරන කටයුතු සාර්ථකව සිදු කරයි ත්‍රිවිධ හමුදාව විසින් මධ්‍යස්ථාන 18 ක් දී අද (5) දිනය පුරා ‘‘සයිනොෆාම්” එන්නත ලබාදීම සිදු කළහ. 05 July 2021
‘දයාසිරි ගැන කණගාටුයි‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සම්බන්ධයෙන් ඇත්තෙන්ම කණගාටු වන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (05) පැවසීය. 05 July 2021
පොලොන්නරුවේ හිමිනමකට යකඩ පොල්ලකින් ගහලා පොලොන්නරුව, ලක්ෂ උයන ශ්‍රී වේලූවන විවේකාරාම විහාරස්තානයේ වැඩ වසන හිමිනමකට කිසියම් පුද්ගලයකු පහරදිමෙන් තුවා ලබා පොලොන්නරුව රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. 05 July 2021
උස්සන යතුරු පැදි තප්පර 60 මස් කරන්නෙක් මාට්ටු විනාඩියක් ඇතුළත යතුරුපැදියක් මස්කළ හැකි බව කියන යතුරුපැදි සොරකමේ යෙදුණ සැකකරුවකු මස් කළ යතුරු පැදියක් සහ ප්ලැටිනම් වර්ගයේ යතුරුපැදියක් සමග අද අලුයම අත්අඩංගුවට ගත්බව මොරටුමුල්ල පොලිසිය කියයි. 05 July 2021
කොරෝනා ගැටයා ගම් දෙකක කරක් ගහලා වීරඹුගෙදර වෙහෙරබැන්ද ගමේ පදිංචි කොරෝනා වයිරසය ආසාදනය වූ තරුණයකු ඒ බව නොදැන ගම පුරා ඇවිදීම නිසා ගම් දෙකක පවුල් 18 ක් නිරෝධායනයට ලක් කිරීමට සිදුව ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 05 July 2021
කාන්තා වැසිකිලියේ කැමරා සවි කළැයි කියූ දොස්තර නිදොස් කොර නිදහස් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ගිනුම් අංශයේ කාන්තා වැසිකිලියේ සී.සී.ටී.වී කැමරාවක් සවි කර කාන්තාවන්ගේ දර්ශන රූ ගත කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලැබ සිටි සැකකාර වෛද්‍යවරයා එකී චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කරන්නැයි අනුරාධපුර පූර්වාගාමි ප්‍රධාන මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා නියෝග කළේය. 05 July 2021
‘‘අපට එජාපය සමග එක්වැන්නැයි ඉල්ලමින් විහිළු සපයනවා‘‘ ජනතා බලයෙන් පත්වූ පළාත් පාලන නියෝජිතයින් නෙරපා හරිමින් ජනතා ප්රජාතන්ත්රවාදයට මරු පහරක් එල්ල කළ එක්සත් ජාතික පක්ෂය, විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට එම පක්ෂය සමග එක්වන ලෙස කරන ඉල්ලීම විහිලු සහගත බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කරයි. 05 July 2021
කොතලාවල පනතට එරෙහිව උද්ඝෝෂණයක් අධ්‍යාපන අයිතිය වනසන මිලිටරිකරණයට පාර කපන කොතලාවල පනත වහා හකුලා ගන්නා ලෙසත් සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට යටතට පවරා ගන්නා ඉල්ලා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අද උද්ඝෝෂණයක් පැවැත්විණි. 05 July 2021
රිෂාඩ්ගේ පෙත්සම් විභාගයෙන් තවත් විනිසුරුවරයෙක් ඉවත් වෙයි සමගි ජනබලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සහ හිටපු අමාත්‍යවරයකු වන රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් තමා ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා අද(05) අධිකරණය හමුවේ දැනුම් දුන්නේය. 05 July 2021
කෝටි ගණනක් වංචා කළ පෞද්ගලික බැංකු සේවකයා අතුරුදන් මෝටර් රථ හා මුදල් ඇතුළු රුපියල් කෝටි ගණනක වංචා කර පෞද්ගලික බැංකුවක සේවය කළ පුද්ගලයකු ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි බදුල්ල පොලිසිය පවසයි . 05 July 2021
කොවිඩ් එන්නත්කරණ වැඩසටහනට නාවික හමුදාවත් එක්වෙයි කොවිඩ් එන්නත්කරණ වැඩසටහනට දායක වෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාව ද ස්ථාන දෙකකදී එන්නත් ලබාදීම ආරම්භ කර තිබේ. 05 July 2021
පාදෙණියේ අනතුරින් හමුදා සාමාජිකයෙක් මරුට අනුරාධපුර පාදෙණිය මාර්ගයේ මහව අඹගස්වැව ප්‍රදේශයේ දී යුද හමුදා සාමාජිකයන් රැගත් ලොරි රථයක් හා තෙල් බවුසරයක් එකිනෙක ගැටීමෙන් හමුදා සාමාජිකයකු මියගොස් තවත් දෙදෙෙක තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 05 July 2021
‘‘ආණ්ඩුවට ඇති ප්රශ්නය පොහොර රසායනික වීම නොවේ‘‘ ලංකා ආණ්ඩුවට දැන් තිබෙන ඇත්ත ප්රශ්නය විදේශ විනිමය හිඟවීම මිස පොහොර රසායනික වීම නොවේ යැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 05 July 2021
ඇතාට ඇණ ගහන්න ගිහින් අමාරුවේ වැටේ ගස්ලබු වගාව වනසා දැමු ඇතකු මරා දැමීම සදහා යකඩ ඇණ ලැලි සැකසු වතු මුරකරුවකු අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජීවි අඩවි කාර්යාලය කියයි. 05 July 2021
ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය විවාදයට දින දෙකක් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාව ලබන 19 සහ 20 යන දෙදිනේදී විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය. 05 July 2021
යාපනය ‘කඩු කල්ලියේ ‘ තුනක් අත්අඩංගුවට යාපනය කෝපායි ප්‍රදේශයේ නිවසකට ඇතුලුවී දේපල වලට හානි කොට පලා යමින් සිටි කඩු කල්ලියක ප්‍රභලයින් තිදෙනෙකු කඩු කෙටේරි සමග අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි. = 05 July 2021
දැරිය අපයෝජනය කළ සිද්ධියට මාලදිවයින් ජාතිකයෙක් අත්අඩංගුවට අන්තර්ජාලයේ දැන්වීම් පළකර 15 හැවිරිදි දැරියක් ලිංගික කටයුතුවලට අළෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාලදිවයින් ජාතිකයකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 05 July 2021
පාප්තුමන්ට සැත්කමක් ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප්තුමන් රෝමයේ රෝහලකදී උදරයේ සැත්කමකට භාජන කළ බවත්, සැත්කම සාර්ථක වූ බවත් වතිකානය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. 05 July 2021
’’ෆයිසර් ’’ පළමු තොගය ලංකාවට ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා පළමු තොගය අද අලුයම ශ්‍රි ලංකාවට රැගෙන එනු ලැබීය. 05 July 2021
නිරිතදිගට සහ බස්නාහිරට තද වැසි දිවයිනේ නිරිතදිග සහ බස්නාහිර කොටස්වලට ඉදිරි දිනවලදී තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 05 July 2021
පාසල් ආරම්භ කිරීම ගැන තවම තීරණයක් නෑ විශ්ව විද්‍යාල ,පාසල් සහ උපකාරක පන්ති නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. 05 July 2021
කොරෝනා පැතිරීම නිසා කළුතර ගමක් වහයි කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් අද (05) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි කළුතර දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය . 05 July 2021
බැසිල් වෙනුවෙන් ඉවත්වන මන්ත්‍රීට ලොකු ලංසුවක් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පැමිණෙන දිනය මෙතෙක් නිශ්චිතව තීරණය වී නැතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි. 05 July 2021
’’මම රටට නායකත්වය දෙන්න සූදානම්’’ ඉදිරියේදී රටට නායකත්වය දීමට තමා සූදානම් යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා පැවැසීය . 04 July 2021
පී.සී.ආර්වලටත් වර්ජනයෙන් බලපෑමක් සෞඛ්‍ය සේවක වර්ජනය හේතුවෙන් ක්ෂේත්රයෙන් ලැබෙන පී.සී.ආර්. සාම්පල සංඛ්‍යාව අඩු වීමෙන් ඉදිරි දිනවලදී ‘කොවිඩ්’ ආසාදිතයන් සංඛ්‍යාව අඩුවිය හැකි යැයි සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. 04 July 2021
2021 උසස් පෙළ විභාගයට අයැදුම් කිරීම ඔන්ලයින් මඟින් මෙම වසරේ (2021) අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන පාසල් සහ පෞද්ගලික අපේක්ෂකයින්ට හෙට (5 වැනිදා) සිට මේ මස 30 දක්වා අයැදුම්පත් මාර්ගගත ක්‍රමයට ඉදිරිපත් කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය. 04 July 2021
ලොවම වෙලා ගත් කොරෝනා රෝගීන්ගේ වාර්තාව ජුලි 4 වැනි දා අවසන් වූ සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 04 July 2021
‘‘තෝර්ට‘‘ ආසාදනය වූණේ බ්‍රිතාන්‍යයේ වයිරස් ප්‍රභේදයයි‘‘ දෙහිවල සත්වෝද්‍යානයේ සිංහ දූපතේ ’’තෝර් ’’ නැමැති කේසර පිරිමි සිංහයාට ආසාදනයවී ඇත්තේ බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රාන්තයේ පැතිර ඇති බී.1.1.7 ඇල්ෆා කොවිඩ් ප්‍රභේදය බවට හඳුනාගෙන ඇත . 04 July 2021
‘‘ජනතාව අතර විහිළුවට ලක් වූ ඇමැතිකම් හැදුවේ බැසිල්‘‘ වර්තමාන ඇමති මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කළ එකක් නොවන බවත්, එම ඇමතිධූර නිර්මාණය කිරීම හා ඒවාට ඇමතිවරුන් නම් කළේ බැසිල් රාජපක්ෂ මහතා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. 04 July 2021
ගැබිණියන්ට එන්නත් දිම කඩිනම් කරයි ළඟම පිහිටි රෝහලට හෝ සායනයට හෝ ගොස් කොවිඩ් මර්දන එන්නත් ලබා ගන්නැයි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය ගර්භණී මාතාවනට දැනුම් දී ඇත. 04 July 2021
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026