(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
අයවැය විසර්ජන පනත් කෙටුම්පත (2022) පිළිබඳ දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී හෙට ( 22) පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතය.
මෙම ඡන්ද විමසීමේ අවස්ථාව සඳහා මැතිසබයේ රැඳී සිටින ලෙස ආණ්ඩුව සහ විපක්ෂය සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.
අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගිය 12 වැනිදා සිකුරාදා ඉදිරිපත් කරනු ලැබීය.
ඉන්පසු පසුගිය 13 වැනිදා සෙනසුරාදා සිට අයවැය දෙවැනි වර කියවීමේ විවාදය ආරම්භ කෙරිණ. මේ අනුව දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වුණු දින ගණන අදට 7කි. අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අනිද්දා ( 23) සිට ආරම්භ කෙරෙන අතර එය ලබන මස 10වැනිදා දක්වා දින 16ක් පැවැත්වීමට නියමිතය.
අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ අවසාන ඡන්ද විමසීම ලබන මස 10 වැනිදා පස්වරු 5.00ට පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෙත් පාරක් කියවනවාද...? ආසාවේ බෑ අහනකල්.... පුදුම සිංහල.... මෙච්චර කාලෙකට අහලා නැහැ....
මොල හතාද කියවන්නේ?
අයවැය බේරාගන්න පුලුවන් වෙයි... මොකද කියන සමයමක් තේරුනේ නැති නිසා සහ වැඩිදෙනෙක් අවධානය යොමුකලේ මොලහතාගේ සාක්ෂරතාව හෙවත් සිංහල කියවීම ගැන මිසක් අයවැය කියවීම ගැන නෙවෙයි...
ලෝකෙම ජනතාව බලාගෙන ඉන්නේ මොළ හතා අයවැය කියවනවා බලන්න. මේ වනවිට උක්කුන් කිරිබීලා ඇඟට පණ අරන් ඇති.
මොලහතාගේ පන්ති දැනුම මෙච්චර දුර්වල නම් ඒ දවස්වල සීයට දහය හදාගන්න ඇත්තේ කොහොමද කියලයි මම කල්පනා කරන්නේ...!
පවුලේ ඔක්කොගේම සාක්ශරතාව හෙන අප්සැට් වගේ නේද පේන්නේ....?
පොඩ් එකාගේ ලියුම වගේ ඇති. සමහරුන්ට නම් විනෝද සමයක් = ඉවසිල්ලක් නැතුව ඉන්නේ කතාව අහන්ඩ මොළ හතා .අන්තිමට ,අයවැය කියවන්ඩ මට නම් බෑ බෑය ගායි .
අයවැය කියවීමට අපහසු උනේ මුදල් ඇමතිට ඉහලින් තිබුන විදුලි බුබුල නිවන පත්තුවෙන ස්වභාවයක් තිබුන නිසා.