
(යොහාන් භාසුර)
වල් නාශක, කෘමි නාශක සහ දිලීර නාශක නැවත ආයනයන කිරීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාගැනීම හෙට (22) පෙරවරුවේ සාකච්ඡා කරන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අද (21) පැවසීය.
ජනාධිපතිවරයා සමඟ එම සාකච්ඡාව හෙට පෙරවරු 10.30 ට පැවැත්වෙන බව කී රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තුන්වැනි සහ හතරවැනි කාණ්ඩයේ පොහොර ආනයන කිරීමට එහිදී අවසර ඉල්ලා සිටීම නියමිත බව ද සඳහන් කළේය.
කාබනික වගාවට එකවර යා නොහැකි නිසා කන්න තුනකදී සියයට 100 ක් කාබනික වගාවට යන්න බලාපොරොත්තු වන බවත් පළමු සහ දෙවැනි කන්නවලට වල්, කෘමි සහ දිලීර නාශකවල සහයෝගය අවශ්‍ය බවත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැනෝ යූරියාවලින් ලක්ෂ 1700ක් කොමිස් ගහලා කවුද අතේ මාට්ටු නේද..?
අනේ අපේ සල්ලි, එක එක සැරයට එක එක දේවල් කියනවා. 69 ලක්ෂයම තණකොළ කාපියව්...
කොමිස් කතා කරයි.
හොරුන්ට කොමිස් කාක්කන්ට රට බිලිවෙයි.
69 ලක්ෂේට නම් මෙවන් අය තමයි වීරයින්.
ඕක රිවස්ස් කරන එකක් නෑ..
ඇමති එකක් කියනවා. රාජ්‍ය ඇමති ඊට සම්පුර්ණ යෙන් වෙනස් කතාවක් කියනවා.
මොලය උඩ ඉදගන්න මිනිස්සුන්ට යථාර්තය වැටහෙන්නේ අන් අයට මෙන් ක්ෂණිකව නොව බොහෝකල් ගතවීමෙන් පසුවයි. වඑවිට සිදුවිය හැකි සියලුම විපත්ති සිදුවේ හමාරයි.
ඔක්කොම පවුලේ අය කරන්න පුළුවන් කෙනෙකුට දෙන්නෙත් නෑ රට ඉවරයි.
දැන් පැහැදිලිව පෙනෙනවා කාටද පොහොර වලින් කුට්ටිය යන්නේ කියලා. මෙහෙම හම්බ කරන සල්ලි ඊළඟ ආත්මෙට ගෙනියන්න පුලුවන්ද.
ඔන්න තවසැරයක් නාගන්න අවසර ඉල්ලනවා. ඉන්දියාවෙන් ආනයන කල නැනෝ පොහොරවලින් හොඳට නාගත්තා. ඒ රසට තවත් ඉල්ලනවා. ඒ පරපුරේන් ආපු සේරම එකයි.
කන්න තුනකධි තියා කවදාවත් අපේ රටේ කරන්න පුළුවන් දෙයක් නොවෙයි 100% කාබනික වගාව.
මට දැනගන්න ලැබුන විදිහට නම්.... හොරා කාපුවා වමාරන්න වෙලාලු නේද ..? ලජ්ජා නැත්ද..? ආ..මට අමතකවුනා දේශකාපාලුවන්ට ලජ්ජා නහරය නැහැනේ.
ආ ඇත්තද.? එතකොට ඒවා වකුගඩු වලට බලපාන්නේ නැද්ද.?
(දකුණේ පියාගෙ පියාට කියන්නෙ මුත්තා කියලා ) නුඹේ මුත්තා පාර්ලිමේන්තු යන්න නාම යෝජනා අත්සන් කලේ කුඹුරෙ වැඩ කරන අතරේ කියනවා නුඹලා ගොවීන්ට කරන හිරිහැර දකින්නට .නුඹලාගෙ මුත්තා හිටියනම් නුඹලාට ගහන්න ඉලපතෙන්
තාත්තා චීන්නු දාලා වැව් අමුණු විනාශ කළා .පුතා කොමිස් පිට චීනාගේ අසූචි ගේන්න දඟලනවා කොමිස් පිට
කොමිස් කාරයින්ටත් තියෙන්නෙ අපට සමාන ආයු කාලයක් බව තේරුම් ගත්තදාට මෙි හොරා කෑම නතර වේවි.
අර මුහුදේ තිබෙන අසුචි නැවේ නග්ගලා අපේ රීරි මාන්සේ සුරා කන මේ සෙට් එක.
මෙතරම් වැඩ අවුල් කරගන්නට හේතුව මේ අයගේ නූගත්කම විය හැකි බව සාමාන්‍ය පුද්ගලයෙකුට හිතෙනවා. මැට්ටො ඉන්න රටක මැට්ටන් ලවා පාලනය නොවී කොහොමද නේද?