(රංජන් කස්තුරි)

කෝවිඩ් මර්දන එන්නත් ලබාගැනීමෙන් පසුව අතුරු ආබාධ ඇති වූ පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා පැවැත් වූ බව කියන දේශීය වෛද්‍ය සායනයක් තහනම් කිරීමට ඉඟිනියාගල පොලිසිය පියවර ගෙන ඇත.

අම්පාර ඉඟිනියාගල නාමල්තලාව ශ්‍රී ශෛල්‍යබිම්බාරාම විහාරස්ථානයේදී එම දේශීය වෛද්‍ය සායනය පැවැත්වීමට කටයුතු යොදා තිබූ අතර ඉඟනියාගල පොලිසියේ ස්ථානාධිපති ඊට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කර තහනම් නියෝගයක් ලබාගෙන තිබිණි.

කෝවිඩ් මර්දන එන්නත ලබාගැනීමෙන් පසුව විවිධ අතුරු ආබාධ ඇති වූ පුදගලයන් 300 දෙනකු පමණ එම සායනයට කල්තියා ලියාපදිංචිව සිටි බව ද තහනම් නියෝගය ලබාගැනීමට පෙර සිටම එනම් සෙනසුරාදා පෙරවරුවේ සිට පොලිසිය පිරිස් හරවා යවූ බව ද එය සංවිධානය කර තිබූ දේශීය වෛද්‍යවරියක වන සුමුදු ලියනාරච්චි මහත්මිය පැවැසුවාය.