(ඉන්දිකා රාමනායක)

ශල්‍ය කර්මයකට ලැබුණු රුපියල් ලක්ෂ හතක් සහ ඩොලර් නෝට්ටු තොගයක් වංචනිව තබාගත් බස් කොන්දොස්තර්වරයකුගෙන් නැවත එහි හිමිකරුට ලබාදීමට බැස්ටියන් මාවත පොලිස් මුරපොළේ නිලධාරීහු අද කටයුතු කළහ.

මාර්ග අංක 120 බසයකින් ආ බව කියන පැමිණිලිකාර මගියා සතුව තිබූ එම මුදල් තොගය නැති වී පැය භාගයක් ඇතුළත එය සොයාගෙන ඇත.  

ශල්‍යකර්මයක් සිදු කර ගැනීම සදහා ඔහුගේ මිතුරන් පිරිසක් ලක්ෂ 7 ක ඩොලර් නෝට්ටු එතෙරින් එවූ බවත් ඒවා මාරු කර ගැනීම සදහා හොරණ සිට  කොළඹ බලා පැමිණ ඇත.

පිටකොටුව බැස්ටියන් මාවතෙන් බැස ඇති පැමිණිලිකරු මුදල් සොයා බැලීමේ තමා සතුව තිබු ඩොලර් නෝට්ටු සහිත කවර දෙක නොමැති බව දැනගෙන ඉහත බස් රථය පසුපස හඹා ගොස් එහි බස් රථයේ රියදුරු හා කොන්දොස්කර දැනුම් දී ඇත්තේ එවන් මුදලක් නොතිබූ බව කියා ඇත.

පසුව මුදල් හිමිකරු එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට  දැනුම් දී මෙන් පසු පොලිසිය පැමිණ ඉහත බස් රථයට පරීක්ෂා කිරීමේදී එහි රියදුරා  විසින් සගවාගෙන සිටි එම මුදල පොලිසිය බාරයට ගෙන ඇත.