(රංජිත් රාජපක්ෂ)                          

මහ කන්නය සදහා රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ලබාදෙන ලෙස රජයට බල කරමින් අද  (21)  නුවරඑළිය නගරයේ උද්ඝෝෂණයක් පැවැත්විණි.

නුවරඑලිය ප්‍රදේශයේ ගොවි සංවිධාන රැසක් මහ සංඝ රත්නයද එක්ව කළු කොඩි අතැතිව මෙලෙස උද්ඝෝෂණයේ නිරත වූහ.

නුවරඑලිය , කදපොල ,මිපිලිමාන , නානුඔය යන ප්‍රදේශවල නගරද වසා දමමින් එම ප්‍රදේශවල එලවළු ගොවින් , වෙලදුන් සහ ගොවිපොලවල් වල සේවය කරන කම්කරුවෝ  ඒක්ව සිටියහ.

උද්ඝෝෂණයට සමගාමිව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයට අද  (21) දින නුවරඑලිය ප්‍රදේශයේ එලවළු වගා කරන ගොවියන් එලවළු තොග ලබා නොදිම නිසා නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයද වසා දැමිමට එහි පාලන අධිකාරියට සිදු විය.

නුවරඑලිය ගාමිණි ජාතික පාසල ඉදිරිපිටින් ගොවින් උද්ඝෝෂණය ආරම්භ කර ප්‍රධාන මාර්ගය දිගේ පෙලපාලියකින් පැමිණ ගොවිහූ  නගර මධ්‍යයේ උද්ඝෝෂණයක නිරත වූහ.

මහ කන්නය සදහා අවශ්‍ය රසායනික පොහොර සාධාරණ මිලට කඩිනමින් ලබාදිම ,ගොවින්ගේ වගාවට අවශ්‍ය පලිබෝධ නාශක , දියර පොහොර , බිරජ ඇට ,දිලිර නාශක වර්ග හිගයකින් තොරව සාධාරණ මිලට ලබාදිම ,ගොවි උපකරණ සාධාරණ මිලට ලබාදිම ඇතුළු ඉල්ලිම් අටක් මුල් කර ගනිමින්  මෙලෙස උද්ඝෝෂණයේ නිරත වූහ.

මෙම ගැටළුවලට  සතියක් ඇතුලත විසදුමක් නොලද හොත් දැනට තම ගොවිපොලවල් වල වගා කර ඇති නිසරු එලවළු වගාව වෙලදපොලට නිකුත් කිරිම සම්පුර්ණයෙන්ම අත්හිට වන බවට නුවරඑලිය ප්‍රදේශයේ ගොවින් තමන් වෙත දැනුම් දි ඇති බවට  සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

නුවරඑලිය ප්‍රදේශයේ ගොවින් වගා කරන උඩරට එලවළු අද  (21) දින වෙලදපොලට නිකුත් නොකිරිම නිසා  වෙලදපොලේ උඩරට සහ පහතරට එලවළු තොග සහ සිල්ලර මිල වෙනදාට වඩා වැඩි වි ඇත.