
(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම දිනකට 700 සීමාව පැන ඇතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ලංකාදීපයට පැවසුවාය.
කොවිඩ් ආසාදිතයන් එන්න එන්නම වැඩිවෙමින් තිබෙන බවද ඇය සඳහන් කළාය.
මේ තත්වය ඉදිරියේදී තවත් වැඩිවිය හැකි හෙයින් සෞඛ්‍ය පුරුදු නිසියාකාරව අනුගමනය කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව පැවසූ ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සමහරුන්ට අද මූලික සෞඛ්‍ය නීති අමතකවී ඇතැයිද ප්‍රකාශ කළාය.
විශේෂයෙන්ම මංගල උත්සවවලදී ජනතාවගේ හැසිරීම සතුටුදායක නැති බවත් සමහරුන් මුව ආවරණ පවා නොපැළඳ ඒවායේ කටයුතු කරන තත්වයක් පෙනෙන්නට ඇති බවත් ඇය සඳහන් කළාය.
රට විවෘත කර ඇති හෙයින් මෙවැනි තත්වයක් ඇති විය හැකි වුවත් ජනතාව බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් එම අවදානම් තත්වය අවම කර ගත හැකි බවද ඇය කීවාය.
එන්නත්කරණය සාර්ථකව සිදුවන හෙයින් කොවිඩ් අසාදිතයන්ට බරපතල සංකූලතා මතුවීම අවමවූ තත්වයක් පෙනෙන්නට ඇතැයි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැරෙනකොට අපි දන්නවා නත්තලට රට වහන්න හදන්නේ කියලා.