(අංජුල මහික වීරරත්න)

වී සහ එළවළු වගාවන් සඳහා රසායනික පොහොර ගෙන්වීමට රජය මේ දක්වා කිසිඳු තීරණයක් ගෙන නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලංකාදීපයට පැවසීය.

ශාක පෝෂක රසායනික පොහොරක් ගෙන්වන බවට පළවන තොරතුරු වල කිසිදු සත්‍යතාවයක් නැතැයි ද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

ජනතාවගේ සුබ සිද්ධිය තකා ක්‍රියාත්මක කළ කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ වැඩසටහනේ ආපසු හැරවීමක් ගැන මේ වන තෙක් රජය කිසිඳු ප්‍රතිපත්ති තීන්දුවක් ගෙන නැතැයිද කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.