
(යොහාන් භාසුර)
සිගරැට් සඳහා අයවැයෙන් පැනවූ රුපියල් 5ක බද්ද නිෂ්පාදන බද්දක් වීම නිසා ඇතැම් සිගරැට්වල මිල රුපියල් 5 කට වඩා වැඩි මුදලින් ඉහළ යෑමේ අවස්ථාව ඇති බව දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම්) කපිල කුමාරසිංහ මහතා ‘ ලංකාදීප‘ යට පැවසීය.
එම නිෂ්පාදන බද්ද සිගරැට් නිෂ්පාදනය කරන අවස්ථාවේදීම පනවන එකක් වීම නිසා නිෂ්පාදන සමාගම සිගරැට් අළෙවි කළද නොකළද බද්ද ගෙවීමට සිදුවීම නිසා මිල බද්දට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව කී සුරාබදු මාධ්‍ය ප්‍රකාශකවරයා එය තීරණය කිරීමේ අවස්ථාව නිෂ්පාදන සමාගමට තිබෙන බවයි.
අයවැයෙන් සිගරැට් බද්ද ඉහළ දැමීමෙන් පසුව ඇතැම් සිගරැට් වර්ග රුපියල් 10 කට අසන්න ප්‍රමාණයකින් මිල ඉහළ දමා ඇති බවත් ඒ අනුව පාරිභෝගිකයෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්බීම රටින් හා සමාජයෙන් තුරන් වේවා !!!