15 දැරිය විකිණු වෙබ් අඩවියේ හිමිකරු, කළමනාකරු අත්අඩංගුවට පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරිය ලිංගික කටයුතු සඳහා යෙදවීමට දැන්වීම් පළ කළ වෙබ් අඩවියේ හිමිකරු සහ මූල්‍ය කලමනාකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (3) රාත්‍රී අත්අඩංගුවට ගනු ලැබහ. 03 July 2021
ඩෙල්ටා වැළඳුණු 14 දෙනා අතර කොග්ගල ඇගළුම් සේවිකාවක් කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවක ද ඩෙල්ටා ප්‍රභේදය වැළඳුණු 14 දෙනා අතර සිටින බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 03 July 2021
15 දැරිය අපයෝජන සිද්ධියේ තවත් පහක් රිමාන්ඩ් අන්තර්ජාලය ඔස්සේ වයස අවුරුදු 15 ක බාලවයස්කාර දැරියක දූෂණය කළේ කියන සිද්ධියට අදාලව ළමා හා කාන්තා කාර්යාංශය අත්අඩංගුවට ගත් නැවක කපිතාන්වරයකු, මැණික් ව්‍යාපාරිකයකු ඇතුළු පස් දෙනකු ලබන 15 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා අද (3) නියෝග කළේය. 03 July 2021
කොරෝනා ආසාදිතයන් 1010 වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1010 දෙනෙක් අද (3) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 03 July 2021
කොරෝනා මරණ 34 වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 34 දෙනකු ඊයේ (2) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (3) තහවුරු කළේය. 03 July 2021
දිස්ත්‍රික්ක හතරකින් ඩෙල්ටා ආසාදිතයෝ තවත් දාහතරක් වේගවත් පැතිරීමක් සහිත ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයන් 14 දෙනෙකු දිවයිනේ දිස්ත්‍රික්ක හතරකින් සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති . 03 July 2021
දඹදෙණිය පුරා විද්‍යා බිමේ කැණිම් අරඹයි ඵෙතිහාසික දඹදෙණිය පුරාවිද්‍යා වැඩබිම් කාර්යාලය පිහිටා ඇති භූමි ප්‍රදේශයේ නව කැණීම් කටයුතු ජාතික උරුම ප්රසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරිණි . 03 July 2021
‘ශ්‍රී ලංකාව ඩොලර් කෝටි 215 ක හදිසි ණයක් ගනී‘ ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ විනිමය සංචිතය සැලකිය යුතු ලෙස පහළ බැසීමත් සමග ඇතිව තිබෙන ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා කෙටිකාලීන පියවරක් ලෙස ඉදිරි මාස දෙක තුළ,රටවල් තුනකින් ඇමරිකානු ඩොලර් කෝටි 215ක හදිසි ණයක් ලබා ගැනීමට රජය තීරණය කර ඇත. 03 July 2021
පුත්තලමේ කොහු අපනයන කර්මාන්තශාලාවක ගින්නක් පුත්තලම විරුතොඩ ප්‍රදෙශයෙ පිහිටි කොහු අපනයන කර්මාන්ත ශාලාවක් තුල ඇතිවු ගින්නකින් රුපියල් කෝටි 15 කට ආසන්න අලාභය ක් සිදුව ඇති බව හිමිකරුවෝ පවසති. 03 July 2021
‘ඩෙල්ටා‘ ගැන තවත් වාර්තාවක් සෞඛ්‍ය ප්‍රධානීන්ට ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණවලට අදාළ තවත් වාර්තාවක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ ජෛව විද්‍යා අධ්‍යයන අංශය විසින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාට අද(3) පෙරවරුවේ බාර දෙනු ලැබීය . 03 July 2021
කුඩම්මගෙ සැලකිලි ගැන අමරවීර කියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන්ට ඇතැම් ඇමැතිවරුන්ගෙන් හා ප්‍රාදේශීය දේශපාලඥයන්ගෙන් කෙනෙහිලිකම් සිදුවන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය . 03 July 2021
සංචාරක ක්ෂේත්රයේ නියැලී සිටින්නන්ටද කොරෝනා එන්නත සංචාරක ක්ෂේත්රයේ නියැලී සිටින්නන්ට කොරෝනා එන්නත ලබාදීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 03 July 2021
කටුගස්තොට සඟරාදෙණියවත්තට සංචරණ සීමා කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් සඟරාදෙණියවත්ත ප්‍රදේශයට අද පෙරවරුවේ සිට දැඩි සංචරණ සීමා පනවනු ලැබ තිබේ. 03 July 2021
රට පුරා කුණු කඳු 339 ක් පළාත් පාලන ආයතන මගින් පවත්වාගෙන යන විවෘත කසල බැහැර කිරීමේ ස්ථාන (කුණු කඳු) 339 ක් ශ්‍රී ලංකාව තුළ තිබෙන බව අනාවරණය වී තිබේ. විශේෂත්වය වන්නේ ඒවා අතරින් 60 කට වැඩි ප්‍රමාණයක් වනාන්තර සහ තෙත් බිම් ආශ්‍රිතව පිහිටා තිබීමය. 03 July 2021
වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට ඌරගහ හන්දිය තේ වත්ත හන්දිය ප්‍රදේශයේදි වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි. 03 July 2021
පාඩු පිට දුවන රාජ්‍ය ආයතනවල ලොක්කන්ට මිලියන ගණන් වැටුප් රාජ්‍ය සේවයේ සභාපතිවරුණ් ඇතුළු ඉහළ නිලධාරීන්ගේ වැටුප අඩු කළ යුතු බවට ජනාධිපතිවරයා උපදෙස් දී ඇතත් තවමත් රජයේ ආයතන 25 ක ප්‍රධානීන් මාසිකව වැටුප් හා දීමනා ලෙස රුපියල් ලක්ෂ 7 සිට 25 දක්වා මුදලක් ලබන බව වාර්තාවෙයි. 03 July 2021
’’ජි.එස්.පී. ප්ලස් අහිමි වුනොත් වැඩ කරන ජනතාවට බලපානවා’’ යුරෝපා පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් යෝජනා අනුව ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් බදු සහනය අහිමි වුවහොත් එය මෙරට වැඩ කරන ජනතාවට දැඩිලෙස බලපාන කාරණයක් බැවින් ඒ පිළිඳව යුරෝපා කොමිෂමට කරුණු ඉදිරිපත් කරන ලෙස මෙරට ප්‍රධාන පෙලේ වෘත්තිය සමිති පහක නියෝජිතයෝ රජයෙන් ඉල්ලා සිටිති. 03 July 2021
ඩෙල්ටා තවත් රෝගීයෙක් වැල්ලම්පිටියෙන් හමුවෙයි ඩෙල්ටා සැර කොරෝනා ප්‍රභේදය ආසාදනයවූ බවට සැකකෙරෙන පුද්ගලයකු වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයෙන් හමුවී ඇතැයි ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 03 July 2021
පොලිසියේ ලොකු පුටු කිහිපයකට ස්ථානමාරුවීම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු හත් දෙනකුට සහ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. 03 July 2021
ලංකාවට කාබනික පොහොර හුරු කරන්න එක්සත් ජාතීන්ගේ සහය ශ්‍රී ලංකාවේ කාබනික පොහොර භාවිතය වඩාත් ක්‍රමවත්කර ගැනීම සඳහා සහය වීමට එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය කැමත්ත පළ කර ඇත. 03 July 2021
ගුරුවරුන්ට එන්නත් ලබාදීම ලබන සතියේ අරඹයි සියලුම පාසල් ගුරුවරුන්ට කොවිඩ් මර්දන එන්නත ලබන සතියේ සිට ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් දී ඇත . 03 July 2021
’’ෆයිසර්’’ එන්නත් පළමු තොගය අනිද්දා ලංකාවට ඇමරිකාවේ නිෂ්පාදනය කෙරෙන ’’ ෆයිසර්’’ එන්නත් පළමු තොගය මෙරටට අනිද්දා(5) සදුදා ලැබෙන බව ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. 03 July 2021
අදත් තද වැස්ස පළාත් කිහිපයකට අද (3) දිනයේත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 03 July 2021
‘‘රන්ජන් ගැනත් ජනපති හිත උණු වේවා‘‘ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට දුන් දඬුවම පිළිබදව මානුශිකත්වයෙන් යුතුව නැවත සලකා බලන්නැයි ජනාධිපතිවරයා ප්රමුඛ සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා පවසයි. 03 July 2021
‘‘රට සාගතයකට කැඳවාගෙන යමින් සිටිනවා‘‘ සෞභාග්‍යය කෙසේ වෙතත් ආණ්ඩුව සාගතයකට රටට කැදවාගෙන යමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 03 July 2021
මැණික් ව්‍යාපාරිකයකුත් - නැවක කපිතාන්වරයකුත් 15 දැරිය අපයෝජනය කරලා 15 හැවිරිදි බාලවයස්කාර දැරියක අන්තර්ජාලය ඔස්සේ මිලදී ගෙන ලිංගික කටයුතු සඳහා යොදා ගත් බව කියන සිද්ධියට අදාළව මැණික් ව්‍යාපාරිකයකු ,නැවක කපිතාන්වරයකු ,ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි. 03 July 2021
නිරෝධායන නීති කැඩු 563ක් අල්ලයි නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් 563 දෙනකු ගතවූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි . 03 July 2021
කොරෝනා ආසාදිතයන් තවත් 635ක් කොරෝනා ආසාදිත තවත් රෝගීන් 635 දෙනෙක් අද (2) පස්වරුවේ වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. 02 July 2021
හෙද ඉල්ලීම් 7න් 5කට විසඳුම් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් හතෙන් පහකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් අද (02) පස්වරුවේ විසඳුම් ලබා දුන්නේය. 02 July 2021
අන්තර් ජාල පහසුකම් සහිත ස්ථාන 2000ක් දිවයින පුරා පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා භාවිත කිරීමට අන්තර් ජාල පහසුකම් සහිත ස්ථාන 2000ක් ස්ථාපිත කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි. 02 July 2021
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026