IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


මහනුවර අධිවේගීයේ කොටසක් නුදුරේදීම ජනතා අයිතියට

(අජන්ත කුමාර අගලකඩ)

කොළඹ - මහනුවර අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් ලබන 28 වැනි දා විවෘත කිරීමට නියමිත ව ඇත.

කිලෝමීටර් 40.91ක දිගින් යුත් මෙම කොටස මංතීරු හතරකින් සමන්විත වේ.

මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ආ අන්තර් හුවමාරු මධ්‍යස්ථාන පහකින් සමන්විත වන අතර ,මීරිගම ,නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානවල එම අන්තර් හුවමාරු මධ්‍යස්ථාන පිහිටුවා ඇතැයි ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු අනුර කෙහෙල් ඇල්ල මහතා ලංකාදීපයට පැවැසීය.

ඉකුත් 2017 වසරේදී වැඩ ආරම්භ කරන ලද මෙම අධිවේගී මාර්ග කොටස ඉදිකිරීම සඳහා දේශීය බැංකු ණය අරමුදල් යටතේ රුපියල් කෝටි 13,700 ක පමණ මුදලක් වැය කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

කොළඹ- මහනුවර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කටයුතු අදියර තුනක් යටතේ සිදුවන අතර ,මෙලෙස ලබන 28 වැනි දා විවෘත කෙරෙන්නේ එහි දෙවැනි අදියර බව බව ඔහු කීවේය . කඩවත සිට මීරිගම දක්වා කොටස එහි පළමු අදියර වන අතර ,එහි දිග කි මී 37.09ක් වේ.

පොතුහැර සිට ගලගෙදර දක්වා කොටස එහි තෙවන අදියර වන අතර, එහි දිග කිලෝමීටර් 32.5 ක් වේ. එම අදියර දෙකේ කටයුතු ලබන 2024 දී නිම කිරීමට අපේක්ෂා කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

(ඡායාරූප සැපයුම පුෂ්පකුමාර මල්ලවාරච්චි)

 



අදහස් (11)

මහනුවර අධිවේගීයේ කොටසක් නුදුරේදීම ජනතා අයිතියට

Senevi Saturday, 20 November 2021 12:20 AM

චෛත්‍යය යොදාගෙන දවස් දෙකක්වත් දුවා ගන්න බැරිවුණා. මහා මාර්ගයෙන් දවස් කීයක් දුවා ගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ. අනේ මෙහෙමත් ආණ්ඩුවක්...!

:       1       45

Era Saturday, 20 November 2021 04:24 AM

සුපිරියි...!

:       40       0

lion Saturday, 20 November 2021 05:08 AM

ජනතාවගේ සල්ලිවලින් හදන දේවල් ජනතාවට අයිති නැතිනම් මොන එකාටද අයිති අායුබෝවන්...?

:       35       89

Sunil Saturday, 20 November 2021 05:28 AM

කොහේවත් නැති පාරක් තමයි මේ...

:       26       77

kamal Saturday, 20 November 2021 09:22 AM

මේකේ ණය ගෙවන විදිහත් එදාටම පැහැදිලි කරන්න.., මතු පරම්පරාවට පැහැදිලි වෙන්න.

:       18       60

පිටිගල මිලානෝ Saturday, 20 November 2021 09:52 AM

ඇයි දැන් කාටද අයිති...?

:       29       62

kapila Saturday, 20 November 2021 12:13 PM

කොළඹ සිට මීරිගමට යන එක තමයි දැනට තිබෙන ප්‍රධානම ප්‍රශ්නේ... මේ ටික හැදුවේ නැත්තේ අැයි? සිදුවුණු අක්‍රමිකතා මොනවාද? ඒ සඳහා වෙන්කළ සල්ලි දැන් කෝ? කොන්ත්‍රාත්කරුවන් ප්‍රමාද වුණාට දඩ ගැහුවාද? මේවා ගැන තොරතුරු දැනගැනීමේ අයිතියක් අපට තියෙනවා.

:       28       60

damith Saturday, 20 November 2021 01:19 PM

මට නම් මීරිගම සිට කුරුණෑගලට යන්න හයිවේ නගින්න ඕනෑ නෑ. නිකන් පාරේ ඉක්මණටම ගියහැකියි.

:       24       53

විපරමා Saturday, 20 November 2021 04:33 PM

මේ දේවල්වලින් ගසාකාපු හැටියට ලංකාවේ තව කොච්චර පාරවල් හදන්න තිබුණාද? කොමිස් කුට්ටි කී දෙනෙකුගේ සාක්කු වලට වැටෙන්න ඇත්ද?

:       19       47

Ashok Saturday, 20 November 2021 07:30 PM

එය ජනතා අයිතියට නිදහස් කර ඇත.

:       0       0

MMangalika Basnayaka Sunday, 28 November 2021 03:33 PM

කඩුවෙල අධිවේගී මාර්ගයටත් සම්බන්ධ කරයි කියලත් බලාපොරොත්තු වෙනවා. සුබපැතුම්...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17657 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site