
(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් සමාගම ඉදිරි දින කිහිපයේදී ගෑස් මෙට්‍රික්ටොන් ලක්ෂ තුනකට අධික ප්‍රමාණයක් වෙළඳපොළට ඉදිරිපත් කරන බව එම සමාගමේ අලෙවි සහ වෙළෙඳ අංශයේ උසස් නිළධාරියෙක් පැවසීය.
ලිට්‍රෝ ගෑස් සමාගම ඇණවුම් කළ ගෑස් රැගත් නැවක් මේ වන විට වරායට පැමිණ ඇති බවත් එම ගෑස් ප්‍රමාණය ඇසුරුම් කර වෙළඳ පොළට ඉදිරිපත් කිරීමෙන් පසු දින කීපයක් ඇතුළත රටේ පවතින ගෑස් හිඟය පහව යනු ඇති බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් ලිට්රෝ ගෑස් හිඟය අද දිනයේදී ද තවදුරටත් පැවති අතර ලිට්‍රෝ ගෑස් මිලදී ගැනීමට ජනතාව පෝලිම්වල රැඳී සිටින ආකාරය දැක ගත හැකි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මොලේ අවුල් වෙලා තියනවා හොඳටම ඇති .තව තවත් අවුල් නොකලොත් තමා හොඳ .ඔය සමාගමේම සභාපති /කළමනාකාර අධ්‍යක්ෂක කියලා තිබුනා නේද .දිනකට 12.5 ගෑස් සිලින්ඩර 75000 කුයි පොඩි ගෑස් සිලින්ඩර 25000 කුයි වෙළඳපොළට නිකුත් කරනවා කියලා.කාටද උතුර දකුණ මාරුවෙලා තියෙන්නේ ?
" බාලගිරි දෝෂ අද නොවේ හෙට "
පාලකයින්ගේ ජයග්‍රහණවලදී උඩ පැනගෙන කිරිබත් කාපු මෝඩයින්ට ගෑස් නැති වුණාට, අපිට ගෑස් තියෙනවා. මම ඒ දවස් වලම කිව්වා ඕනෑවට වඩා උඩ පනින්න එපා කියලා. ඔහොම වෙලා මදි නුඹලාට. මේ අමනයින්ගේ රටේ ජීවත් වෙද්දී, තමන්ගේ පමණ දැනගෙන වැඩ කරපල්ලා මිනිසුනේ..